January 29, 2026
NewsPolitical

ඩොලර් බැස්සට රට පුරාම ජනතාව බඩගින්නේ.. ඩොලරය 400 දවස්වලත් මීට වඩා බඩු මිල අඩුයි…

ඩොලරයක් රුපියල් හාරසීය තරම් ඉහළ ගිය කාලයේද බඩු මිල මේ තරම් ඉහළ ගොස් නොතිබූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

රුපියල ශක්තිමත් වී ආණ්ඩුව කිව්වට ඇත්තටම අඩු වුණේ ඩොලර් මිල පමණක් බව ද රට පුරාම ජනතාව ඉන්නේ බඩගින්නේ බව හෙතෙම කියා සිටී.

තමන් සන්තකයේ ඇති සියල්ල විකුණා දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැති බවද හෙතෙම කියා සිටියේය.

විශාල වශයෙන් බදු පනවා සහන කපා ආණ්ඩුවක් ලෙස ගෙවුම් ශේෂය තුලනය කරමින් සිටින්නේ ජනතාව බඩගින්නේ තබා බවටත් ඔහු චෝදනා කරයි.

දරාගන්න බැරි තරම් බදු පනවා සහන කප්පාදු කර අධ්‍යාපන සෞඛ්‍ය ආර්ථික සියළු ක්ෂේත්‍රයන් කඩාවැටී ඇති බවට ද ප්‍රධාන ලේකම්වරයා තව දුරටත් පැවසීය.

Related posts

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

Maimoonar

සැරටම සැප ගනී.. දේශීය සංචාරකයන්ගෙන් නුවරඑලිය පිරේ… සියළු හෝටල් කාමර අවසන්…

Maimoonar

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

Maimoonar

3 comments

Comments are closed.