27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

GSP+ ලංකාවට නොලැබෙයි…

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් නැවතත් ඊට අයදුම් කළ යුතු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

2033 වසර දක්වා නැවත එම සහනය ලබා දෙන රටවල් පිළිබඳව යුරෝපා සංගමය තීරණයක් ගැනීමට නියමිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිත‍්‍රස්ත පනත හරහා යුරෝපා සංගමයේ සම්මුතීන් උල්ලංඝනය වන බවත් පැවසූ ඔහු මෙම බදු සහනය අහිමි වුයහොත් රටට ඩොලර් මිලියන 650 ක පමණ පාඩුවක් සිදුවන බවද කියා සිටියේය.

Related posts

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Maimoonar

ලංකාවේ 26%කට ජීවත් වෙන්න උදව් අවශ්‍යයි.. නැතොත් භයානකයි..- රතුකුරුසය

Maimoonar

රනිල් සමග මන්ත‍්‍රීවරුන් 60ක් එක්වෙයි..

Maimoonar