27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

චම්පිකගේ පැන්සලවත් සාර්ථක වේවා.. මේ ඔහුගේ 12 වැනි සංවිධානයයි.. ලයිස්තුව මෙහෙමයි…

චම්පික රණවක මහතා විසින් ඊයේ දින බිහිකරන ලද්දේ ඔහුගේ 12 වෙනි සංවිධාන බවත් එයවත් සාර්ථක වේවා යයි පතන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙල උරුම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්ගඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ වතාවෙවත් මේ සංවිධානයවත් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද මේ එතුමා බිහිකරන 12 වෙනි සංවිධානය. එම සංවිධාන 12 න් 43 සේනාංකය හැරුණු විට අනික් සංවිධාන මහපොළවේ නෑ. ඒවානම් 1992 – ජනතා මිතුරෝ 1995 – ජාතික සංඝ සභාව 1996 ජාතික දහම් ගුරු සභාව 1998 ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය 2000 සිහළ උරුමය 2001 ජාතික සංඝ සම්මේලනය 2002 ජාතික විද්වත් සභාව 2004 ජාතික හෙළ උරුමය 2015 යහපාලන සඳහා ජාතික පෙරමුණ 2019 ජාතික මග 2021 43 සේනාංකය 2023 ජනරජ පෙරමුණ බිහිකලා. එතුමා පිහිටවූ මුල් සංවිධාන 10 ට අත් වූ සෝචනීය ඉරණම අත් නොවී එතුමන්ගේ නව පක්ෂයවත් චිරාත්කාලයක් පවතීවා කියලා අපි ප්‍රාර්ථනා කරණවා”

– Media unit

Related posts

08 වැනිදා තෙක් දිනකට පැය හයහමාරක් විදුලිය කපයි.. සැලසුම මෙන්න..

Maimoonar

පාසල් හැරයාම වැළැක්වීමට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් – ජනාධිපති

Maimoonar

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Maimoonar

143 comments

Comments are closed.