Local NewsNews

රියදුරන් නෑ.. දුම්රිය ගමන් වාර 24ක් අවලංගුයි..

අද දිනයේ දුම්රිය ගමන් වාර විසිහතරක් අවලංගු කිරීමට සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ රියැදුරු පුරප්පාඩු හේතුවෙන්ම මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුවූ බවයි.

රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැටකින් විශ‍්‍රාම ගැන්වීමේ රජයේ තීරණය මත දුම්රිය රියදුරන් 46 දෙනෙකු විශ‍්‍රාම යාවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

මේ හේතුවෙන් කොන්ත්‍රාත් පදනම මත දුම්රිය රියදුරන් විසිහතක් රියදුරු සහායකයන් නවයක් සහ නියාමකයන් විසි තුන් දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් කොමිසම් ඉල්ලීම් කර ඇත.

Related posts

කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…

Maimoonar

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියනය ඉක්මවයි: මරණ 334ක්, 370ක් අතුරුදන්

Maimoonar

‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

Maimoonar