January 29, 2026
Local NewsNews

කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..

කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

ආරක්ෂක හමුදා විසින් බැතිමතුන් හැසිරවීමේ දී ඔවුන්ට බලපෑම් කරන බව බස්නායක නිලමේවරයා ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියේ සඳහන් වෙයි.

මෙයට පෙර දේවාලයේ ආරක්ෂා සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් බැතිමතුන්ට සුහද සේවයක් සලසා දුන් බැවින් යලි පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා ඇත.

ආරක්ෂක හමුදාවන් දේවාලය තුළ රාජකාරිවලින් හමුදාව ඉවත් කලද පෙරහැර මංගල්‍යයේ දී ඔවුන් ලබා දෙන සේවාව ඉතා වැදගත් බවත් ඔහු තවදුරටත් පෙන්වා දී තිබේ.

Related posts

පෘථිවියේ පැවැත්මට ජනපතිගෙන් යෝජනා..

Maimoonar

බැංකුවල මහජන තැන්පතු ගැන මහබැංකු අධිපතිගෙන් නිවේදනයක්..

Maimoonar

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

Maimoonar

1 comment

Comments are closed.