February 12, 2026
Local NewsNews

පොලිස්පති පුටුව දේශපාලන බලෙන් ගන්න බෑ.. මගෙ යකා අවුස්සගන්න එපා..- පොලිස්පති DIG කෙනෙකුට ප‍්‍රසිද්ධියේ කියයි..

තමන්ගෙ කේන්දරයෙ කොපියක් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු විසින් රැගෙන ගොස් ඇතැයි පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය තිස් වනදා පොලිස් මූලස්ථානයේදී පැවති උත්සවයකදි ඔහු පැවසුවේ තමන් පොලිස්පති ධුරයේ සේවා දිගුවක් ලැබෙනවා ද නැද්ද යන්න දැන ගැනීමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා තම කේන්දර කොපිය ගෙනගොස් කක්ෂත්‍රකරුවන් වෙත පෙන්වා ඇති බවයි.

මේ ආකාරයේ ලැජ්ජා සහගත සිදුවීම් නිසා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව අවමානයට පත් වන බව පැවසූ ඔහු මෙම සියලු කරුණු දෙස උපේක්ෂා සහගතව බලා සිටින තමන් තුළ සැඟවී සිටින යක්ෂයා අවදි කර නොගන්නැයිද ඉල්ලා සිටියේය.

පොලිස්පති ධුරයට නිලධාරියෙකු පත්වන නිසි ක්‍රමවේදයක් සහ පිළිගත් ගෞරවනීය ක්‍රමයක් සම්ප්‍රදායක් ඇති බවද පැවසූ පොලිස්පතිවරයා පොලිස්පති ධුරය ඉතා ගෞරවණීය ධුරයක් බවත් එය දේශපාලනයෙන් හෝ බලහත්කාරයෙන් අත්පත් කර ගත නොහැකි බව ද පැවසීය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් නවදෙනකු විශ්‍රාම යාම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයක් අමතමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.

Related posts

කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..

Maimoonar

2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයි

Maimoonar

ඉන්ධන මිල අඩු කිරීමෙන් වාසියක් නෑලු..

Maimoonar

5 comments

Comments are closed.