BusinessBusiness NewsNews

IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තු වන අනුමැතිය එළැඹෙන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාලව චීනය සමඟ සාකච්ඡා පැවැත්වීම ප්‍රමාද වූ නිසා මූල්‍ය අරමුදලේ අනුමැතිය දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වන බව ද අධිපතිවරයා පැවසීය.

ණය හිමියන්ගෙන් මුල්‍ය සහතික ලබා ගැනීමට ඔවුන් සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක බවද පවතින තත්වය කළමනාකරණ ගැනීමට හැකිවනු ඇතැයිද අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ණය හිමියන්ගෙ මුල්‍ය සහතික ලැබෙන්නේ නම් ජනවාරි මාසයේදී මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා ගත හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද සමුළුවක් කොළඹ දී අමතමිනි.

Related posts

වෙලදපලේ බිත්තර අතුරුදහන්…

Maimoonar

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Maimoonar

රනිල්ට නඩු දමයි..

Maimoonar

5 comments

Comments are closed.