27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

වතුකරයට ජපානයේ අතහිත.. තානාපති වතුකරයේ සංචාරයකි..

ජපානයේ මෙරට තනාපති මිසුකොෂි හිදෙකි (02) දින මස්කෙලිය සහ හැටන් ප්‍රදේශවල සංචාරයක නියැලුණි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආරාධනාවක් අනුව හැටන් ප්‍රදේශයට පැමිණි ජපානයේ තනාපතිවරයා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක නියැලුණි.

හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ වෘත්තිය පුහුණු ලබන සිසු සිසුවියන්ට දැනට පවතින අඩුපාඩුකම් පිලිබදව සොයා බැලු අතර, එම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලබන සිසු සිසුවියන්ට නව තාක්ෂණය පිලිබදව පුහුණුව ලබාදිම සම්බන්ධයෙන් තනාපතිවරයාගේ අවධානය යොමු විය.

ඉදිරියේදි තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට ජපානයේ සහයෝගය ලබාදිමට පියවර ගන්නා බව ජපානයේ තනාපතිවරයා කැමැත්ත පල කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මෙම අවස්තාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන්, මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් රැසක් සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Related posts

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

Maimoonar

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

Maimoonar

නායකයා තරගය දිනවයි.. ලෝක ශූරයන් පරදවයි..

Maimoonar