January 29, 2026
Local NewsNews

මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරු

අද වන විට රටට හිඟා කන තත්ත්වයට වැටෙන තරමටම රටේ නායකයන් රට පාවා දී ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති.

අප රටේ නායකයන් යයි කියන අය රට පාවා දී ඇති බවත් වසර ගණනාවක් කළේ අපේ රට විදේශිකයන්ගේ වහල්භාවයට ගෙන ආ බවත් එතුමන් කියා සිටියේ මීගමුවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

ජනතා ප්‍රශ්න ගැන සංවේදී නොවන දේශපාලනඥයන්ට ඡන්දය ලබා නොදෙන ලෙසද ජනතාවගගෙන් ඉල්ලා සිටි අගරදගුරුතුමන් ප්‍රශ්න විසඳිය නොහැකි දේශපාලඥයන් ගෙදර යා යුතු බව ද පැවසූහ.

නිවාස නැති පවුල් සිටියදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුඛෝපභෝගී නිවාස ඩොලර් වලට විදේශිකයන්ට විකුණමින් ඇතැයි පැවසූ රදගුරුතුමන් එම අමාත්‍යාංශය ඇත්තේ විදේශිකයන්ගේ ඕනෑඑපාකම් පිරිමහන්න දැයි ප්‍රශ්න කළේය.

මෙවන් පාලකයන්ට ඡන්දය දී නිවාස හදා දෙන්නැයි තමන් ගෙන් ඉල්ලීමක් නොකරන ලෙසද එතුමන් තවදුරත් පැවසූහ.

Related posts

තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

Maimoonar

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Maimoonar

හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…

Maimoonar

1 comment

Comments are closed.