28 C
Colombo
July 8, 2024
Local News News

ගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..

ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ගේ පසුගිය දා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය හෙලා දැක මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් විරෝධය දක්වමින් ඉදිරිපත් කළ අදහස්වලට එකඟතාව පළ කරමින් හා ස්ටාලින්ගේ ප්‍රකාශය තරයේ හෙලා දකිමින් අන්‍යාගමික පූජකවරුන් ද අදහස් පළ කර තිබේ.

එහි දී ආචාර්ය රාම චන්ද්‍රම් කුරුක්කල් පූජකතුමා, ජාත්‍යන්තර හින්දු සම්මේලනය නියෝජනය කරමින් ප්‍රකාශ කළේ, වෙනත් ක්ෂේත්‍රවල අය අභිමතය පරිදි විවිධ ඇඳුම් ඇඟලා සේවයට වාර්තා කළ ද මෙරට පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් එය කිසි සේත් යෝග්‍ය නොවන බවයි.

මෙවැනි ප්‍රකාශ මත පදනම් ව තම අභිමතය පමණක් සලකා අන්‍ය ආගමික හා සංස්කෘතික පාසල් පරිශ්‍රයන්හි රිසි සේ හැසිරීමට යාමෙන් ආගමික සහජීවනය පළුදු වීමට පවා අවකාශ පවතින බව පැවසූ කුරුක්කල් පූජකතුමා පොදු සමාජ සම්මතයන්ට ගරු කරමින් හින්දු ලබ්ධිකයන්ගේ අනන්‍යාතාව හා මෙරට ආගමික සහජීවනය ද සුරැකෙන පරිදි ගුරු ගෞරවය ආරක්ෂා වන සේ හින්දු ගුරුභවතුන් සුපුරුදු පරිදි ම ඇඳුම වෙනස් නොකර සේවයට වාර්තා කරනු දැක්ම, මෙරට සමස්ත හින්දු ජනතාවගේ අපේක්ෂාව බව ද පැවසීය.

සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් M.F.M. ෆාරුක් මව්ලවිතුමා ප්‍රකාශ කළේ, සිසුන්ගේ මාර්ගෝපදේශකයන් වන ගුරුවරුන් දැනුම ලබා දීමට අමතර ව බාහිර ඇඳුම් පැළඳුම් වැනි සංස්කෘතිකාංග මගින් ද සිසුන්ට ආදර්ශ සම්පන්න බව ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය වූවක් බවයි.

මේ දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලින් බැහැර නොවී ගුරුවරුන් පරිපූර්ණ ලෙස සිය ඇඳුම් ඇඳිය යුතු බව පැවසූ මව්ලවිවරයා, මුස්ලිම් ආගමානුකූල ව පැහැදිලි ව සඳහන් කර ඇති අන්දමට ඇඳුම් අඳිමින් සේවයට වාර්තා කරන ලෙස මෙරට සියලු මුස්ලිම් ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ගුරුවරියන් අඳින සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් ඇඳීමට අනුමැතිය ඉල්ලන ප්‍රවෘත්තිය සවන් වැකෙත් ම තමන් මහත් කම්පාවට පත් වූ බවත් පූජක පක්ෂයට පසු ව වැඩිපුර ම සමාජයේ වන්දනයට පාත්‍ර වන්නා වූ ගුරු මෑණියන් යන ආමන්ත්‍රණයෙන් පිදුම් ලබන ගුරුවරියගේ ගෞරවය සුරැකීමට පිටුබලයක් වූ සාරිය ඇඳීමෙන් ගුරුවරියන් කිසි සේත් බැහැර නොවිය යුතු බවත් ආගමික චාරිත්‍ර කෙරෙහි ද මෙහි දී ගුරුවරියන් මනා අවධානයක් යොමු කළ යුතු බවත් අන්තර් ආගමික පූජක එකමුතුව නියෝජනය කරමින් ප්‍රකාශ කළ කොළඹ පූජක එකමුතුවේ සභාපති, නිශාන් කුරේ පියතුමා, මෙවැනි අදූරදර්ශී තීරණයක් නොගන්නා ලෙස රජය ප්‍රමුඛ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසී ය.

– Media unit

Related posts

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Shiran Viraj

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

Shiran Viraj

මෙරටට සංචාරයකන් ගෙන්වා ගැනීමට සහන ඉහලට..

Shiran Viraj

Leave a Comment