January 29, 2026
Uncategorized

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟය කඩුළු 04 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 19.4 කදී කඩුළු 06 දැවී එම ඉලක්කය පසුකර ගියේය.

ඒ සමගම පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටය සඳහා එංගලන්තය සුදුසුකම් ලබාගත් අතර ඕස්ට්‍රේලියාවට ඒ සඳහා තිබූ අවස්ථාව ගිලිහි ගියේය.

Related posts

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

Maimoonar

Whatsapp ඔස්සේ තම නිරුවත බෙදූ අයෙක් අත්අඩංගුවට..

Maimoonar

ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයි

Maimoonar

199 comments

Comments are closed.