27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..

අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ හේතුවෙන් මුදල් අච්චු ගැසීමට ද නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

“පවතින ආර්ථික අර්බුදයේ මාසිකව රජයේ වැටුප් බිල පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. අපි මේ සභාවේ කතා කළ යුතු ප්‍රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් ඇනහිටීම කරැණුකොටගෙන මේ වර්ශයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තිබෙනවා ගෙවාගන්න බැරිව.

උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ලග බිලි තියෙනවා බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා තිබෙන දුෂ්කරතාවය අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.

මොකද අපි මේ ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනක් යනකොට අපිට මූල්‍ය වැරදුනා කිව්වොත් තවදුරටත් ඒ යෝජනා කරැණු වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා”

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් STF උප පොලිස් පරීක්ෂක CID අත්අඩංගුවට

Maimoonar

ඕස්ටේ‍්‍රලියානු ආර්ථිකය අවපාතයකට ඇද වැටේ

Maimoonar

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..

Maimoonar

496 comments

Comments are closed.