February 12, 2026
NewsPolitical

චම්පිකගෙන් නව බලවේගයක්.. පිරිසක්ද එක්වෙයි.. 113 ආ පසු නව ආණ්ඩුවක්..

සමගි ජන බලවේගය පිරිසක්ද තමන් සමග සම්බන්ධ වෙයි වනු ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු බදුල්ලේ දී කියා සිටියේ සමගි ජන බලවේගය ද පිරිසකගේ සහාය ඇතිව නව බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බවයි.

“අපි බලනව ඉදිරිකාලයේදී මේ රටට ගැලපෙන මධ්‍යෂ්ථ ප්‍රායෝගික වැඩක් කරන්න පුළුවන් වෘත්තිය මට්ටමේ පිරිස්වල තරුණ පරපුරේ විශ්වාසය දිනාගත් දේශපාලන බලවේගයක් රටට හදුන්වාදෙන්න .

රටත් එක්ක ඉදිරියට යන්න . ඒකට සමගි ජන බලවේගයේ පිරිසකුත් සම්බන්ධවේයැයි අප සිතනවා’
අද පක්ෂ ගැන ජනතාවගේ විශ්වාසයක් නැහැ . අද රටට අවශ්‍ය ‍පාර්ලිමේන්තුව තුළ මේරට වෙනස් කරන්න පුළුවන් මධ්‍යස්ථ බලවේගයක් .

එළියේ තියෙන මහජන මතය පාර්ලිමේන්තු මැතිවරණයකින් තොරව කරන්න කරන්න පුළුවන් නියෝජනයක් අවශ්‍යයයි.

දැනට 108 ක් විපක්ෂයේ ඉන්නවා . ඒක අපි 113 කරගන්න අවශ්‍යයි . ඊට පස්සේ රාජපක්ෂ වරුනගේ හිරකාරයන් නොවී වැදගත් ගමනක් යන්න අපිට පුළුවන්.

පක්ෂ බිහිවීම මේරටේ අර්බුධයේ ප්‍රකාශනයක් . ඒ කෙන් බහුතර ව්‍යසනය වෙලා තියෙන්නේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණට . හා රාජපක්ෂ වරුන්ට . මේ රටේ තත්වය රාජපක්ෂ වරුන් තවම අවබෝධ කරගෙන නැහැ.මේ රටේ මිනිස්සු පාරට බැහැල ඍජු ක්‍රියාමාර්ගයක් තුළින් ගහල පන්නල තියෙන්න .

නැවත පොලිස් හා හමුදා බලය පාවිච්චි කරල එන්න දරන මේ උත්සාහයෙන් වෙන්නේ මිනිසුන් තුළ ඔවුන්ගැන තියෙන පිලිකුල , වෛරය තවත් වැඩිවීමයි.

තෙල් ගේන්න සල්ලි නැති ප්‍රශ්නයක් ඇතිවුනේ සැලසුමක් නැති කම නිසයි. 2015 දි අපි ඩීසල් ලීටරය රුපිල් 95 ටතත් පෙට්රල් ලීටරය රුපියල් 117 ටත් දුන්නා.

මහින්ද රාජපක්ෂ මහත්තය අත්නෝමතික විදියට තමන්ගේ හිතවතුන්ට දීපු ටෙන්ඩර් ක්‍රමය වෙනුවට තරගාකාරි ටෙන්ඩර් ක්‍රමයක් ඇතිකරල අපි කෝට් 6700 ක් 2015 වසරේදි ජනතාවට බෙදල දුන්න අය විදුලිබිල 13% කින් අඩුකරල රුපියල් කෝටි දෙදාහකින් විදුලි බල මණඩලය ලාභ කරලා පෙන්නපු අය. දැන් වෙලා තියෙන්නේ නිසි සැලසුමක් නැතිවීමයි.”

Related posts

රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..

Maimoonar

සජබයෙන් කොළ වර්ණය ඉවත් කරන්න – අකිලගෙන් කොමිසමට ලිපියක්

Maimoonar

මෙරට කොරෝනා එන්නත ගත් අයගේ අතුරු ආබාධ සමීක්‍ෂණ කෙරේ

Maimoonar

1,019 comments

Comments are closed.