27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

මැති ඇමතිලාට සහන දෙන්න පාර්ලිමේන්තුවේ සාකච්චා කරනවා..- GL

රට තුළ ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් ඇති වී තිබෙන මේ මොහොතේ ජනතා මුදල් මැති ඇමතිවරුන්ගේ සුභ විවරණය සඳහා යොදා ගැනීම වහා නැවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

මෙම අර්බුදකාරී මොහොතේ මැතිඇමතිවරුන්ට සහන ලබාදීමට වඩා ජනතාවට ජීවත්වීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම බවද හෙතෙම පැවසීය.

මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට යම් යම් සහන ලබා දීම පිළිබඳව දැනට පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන බවද පැවසූ ඔහු මේ මොහොතේ එවන් සහන දීම සඳහා කිසිසේත්ම සුදුසු නොවන බවද කියා සිටියේය.

රට තුළ ඩොලර් මෙන්ම රුපියල් ද නැතැයි රජයේ බලධාරීන් පවසා ඇති පසුබිමක මැතිඇමතිවරුන්ට සහන සලසන්නේ කුමන පදනමකින් දැයි රටට හෙළි කළ යුතු බවත් හෙතෙම තව දුරටත් සදහන් කලේය.

Related posts

නැවත වරක් ත‍්‍රස්තවාදය මතු වුවහොත් ද්‍රවිඩ සන්ධානය ඊට වගකිව යුතුයි

Maimoonar

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Maimoonar

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

Maimoonar

487 comments

Comments are closed.