Local News News

බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

දිගු කාලයක සිට රටේ ජනතාව මුහුණ පා සිටි ඉන්ධන, ගෑස්, පොහොර ප්‍රශ්නවලට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙල නිසා මේ වනවිට විසඳුම් ලැබී තිබෙන බවත්, සෙසු ප්‍රශ්න විසඳීම සඳහා සමස්ථ මහජනතාව ඉවසීමෙන් යම් සාධාරණ කාලයක් ලබාදිය යුතුව ඇති බවත් අබේවර්ධන මහතා පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ (07) ගාල්ලේදී මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“ශ්‍රී ලාංකික මහජනතාවට මේ අවස්ථාවේ මං කියන්නේ විශේෂයන්ම වෘත්තිය සමිති ව්‍යාපාරෙයේ සියලු දෙනාට කියන්නෙ. ඔබ බෝර්ඩ් එකක් උස්සන්නේ කොයි මොහොතෙද, පෙට්‍රල් නැති වෙනවා, රටේ තරුණ පරම්පරාවේ අනාගතය විනාශ වෙනවා.

බොර්ඩ් එකක් ඉස්සුවට කමක් නැහැ. වෘත්තිය සමිතිවලටත් අයිතිවාසිකම් තිබෙනවා. හැබැයි මේක වැටුණු රටක්. මේක බංකොලොත් වුණු රටක්. එතැනට පත් වුණෙත් මේ ව්‍යාපාරවල තිබෙන යම් යම් අඩුපාඩු කම් නිසා. එය පැහැදිළිව තේරුම්ගත යුතුයි. එය තේරුම් අරගෙන සමාජයට නිවැරදිව මාස 06 ක් ඉදිරියට යන්න ඉඩ දෙන්න.

පොඩි ඉඩක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙනවා කියන්නේ ඔබේ පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල් ප්‍රශ්නය අවසන් වෙනවා. ඔබේ ගෑස් ප්‍රශ්නය අද අවසන් කරලා තිබෙනවා. ඔබට අවුරුද්දක් නොදැකපු සමහර ගෑස් වර්ග දැන් දකින්න සළස්වලා තිබෙනවා. අවුරුදු 2 ක් ඔබ නොදැකපු රසායනික පොහොර අද ඔබට ලැබිලා තිබෙනවා.

මේ වැටුණු රට ගොඩගන්න තමයි අද අපි බලන්නේ පාර්ලිමේන්තුවේ 175 ක් පමණ එකතු කරගන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති හැටියට කිව්වා මට 113 කින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලා. කරුණාකරලා ඔයාලා හැමෝම එකතු වෙන්න කියලා. එහෙම එකතු වෙලා මේ ප්‍රශ්නය විසඳුවොත් තමයි තමන්ට බෙදිලා තම තමන්ගේ න්‍යාය පත්‍රවල දේශපාලනය කරගන්න පුලුවන් වෙන්නේ කියලා.

ඒ නිසා අපි ඉක්මනින්ම මේ වැටුණු රට ගොඩගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි. ඔබට තිබුණු ප්‍රශ්න රාශියකට අද විසඳුම් ලැබී තිබෙනවා. ගෑස් පොහොර වගේ ප්‍රශ්න අද විසඳිලා. ඉන්ධන ප්‍රශ්නයත් මේ වනවිට බොහෝ දුරට විසඳිලා තිබෙනවා. තව ප්‍රශ්න තිබෙනවා.

ඒ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය වැඩපිළිවෙලත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. ඒ නිසා ඔබ කලබල නොවී රට වැටී ඇති තැනින් ගොඩගැනීමට සහයෝගය ලබාදීමට ක්‍රියා කරන්න කියලා මම සිහිපත් කරන්න කැමතියි.”

– ADA

Related posts

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

Shiran Viraj

පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවන

Shiran Viraj

Pfizer සහ Moderna තවමත් ඇමරිකාවේ අනුමත නෑ?

Shiran Viraj

504 comments

Comments are closed.