Local NewsNews

අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ මෙම ගොඩනැගිලි වල දේපළවලට සිදුවී ඇති හානි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙම ඇඟිලි සලකුණු හඳුනාගෙන ඇති බවයි.

එම ඇඟිලි සලකුණු පොලිස් අපරාධ ලේඛනාගාරයේ ඇති අපරාධකරුවන්ගේ ඇඟිලි සටහන් සමග සසැදෙන්නේ යන්න සොයා බලමින් සිටින බව ද වාර්තා වෙයි.

මෙම ඇඟිලි සටහන් දැනටමත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.

Related posts

තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..

Maimoonar

නාමල් රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

Maimoonar

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Maimoonar