January 29, 2026
Local NewsNews

රුසියාවෙන් ශ‍්‍රී ලංකාවට දැඩි චෝදනා.. එකගතා කැඩූ බව කියයි…

රුසියානු ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ගැනීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ.

රුසියානු බලධාරීන් සඳහන් කර ඇත්තේ රුසියානු සමාගම්වල ගුවන් යානා රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකාව ප්‍රධානියෙක් ලබා දුන් සහතිකය මත තමන් ශ්‍රී ලංකාවට ගමන් කළ බවයි.

එවන් පසුබිමක මෙම ගුවන් යානය රඳවා ගැනීම ගැටලුකාරී බව ද රුසියානු බලධාරීන් චෝදනා කරයි.

මොස්කවු බල ගුවන් ගතවීමට නියමිතව තිබූ මගින් 191 ක් සහිත ගුවන් යානය කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයක් මත රඳවා ගෙන ඇත. අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ අයර්ලන්ත සමාගමක් විසිනි.

මෙම ගුවන් යානය මීට පෙර හත් වතාවක් ශ‍්‍රී ලංකාව බලා පියාසර කර ඇතැයිද රුසියානු බලධාරීන් කියයි.

Related posts

විවාහ මංගල ශාලාවේ සේවකයින් 12කට කොරෝනා : ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන අවස්ථාවේ පැවති මංගල උත්සවයට 150 දෙනෙකු සහභාගි වෙලා

Maimoonar

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

Maimoonar

ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි…

Maimoonar

4 comments

Comments are closed.