27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

පැය 10-15 විදුලි කප්පාදුවක්..

දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පැවසීය.

නොරොච්චෝලේ බලාගාරයේ එක් යන්ත්‍රයක් අලුත්වැඩියාව සඳහා නවතා දැමීම නිසා මෙගාවොට් 270 ක් ද, ඉන්ධන අර්බුදය නිසා තවත් සැලකිය යුතු මෙගාවොට් ප්‍රමාණයක්ද අහිමිවිය හැකි බව ද රංජිත් මහතා කීය. එවැනි තත්ත්වයකදී වැඩි පැය ගණනක් විදුලිය ලබාදීම නිසා නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලිය නිපදවීමට ගියහොත් ජලය අඩුවී නිපදවන විදුලිය ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවිය හැකි බව ද ඒ මහතා පැවසීය.

විදුලිය ලබාදීම ද බරපතළ ගැටලුවක්ව තිබෙන මේ මොහොතේත් සියලු පාර්ශ්ව එක මේසයකට පැමිණ සාකච්ඡා නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවත්, විදුලි අර්බුදයට යම් විසඳුමක් දීමට නම් විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ දැනුමක්, අවබෝධයක් ඇති පිරිස සමඟ සාකච්ඡා කර තීරණ ගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පෙරේදා (27 දා) වනවිට ජල විදුලියෙන් ගිගාවොට් පැය 32.54ක්, තාප 57.44ක් සූර්ය බලයෙන් 0.76 ක්, සුළං බලයෙන් 8.64 ක් ලෙස විදුලිය නිපදවා ජාතික පද්ධතියට එක්කර තිබිණි.

චමින්ද සිල්වා
දිවයින

Related posts

ගෑස් පෝලිමේ උණුසුම් තත්වයක්… පාලනයට යුද හමුදාව කැදවයි..

Maimoonar

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත සහන පැකේජයක්

Maimoonar

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..

Maimoonar

83 comments

Comments are closed.