February 12, 2026
Local NewsNews

ඉන්දීය රුපියල් මෙරට ව්‍යවහාර මුදල් ඒකකය බවට…?

‘ඉන්දීය රුපියල’ ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් ඒකකයක් බවට පත් කිරීමේ සූදානමකින් කටයුතු සිදුවන බව පෙනී යන්නේ යයි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප්‍රධානීන් වත්මන් අර්බුදය භාවිතා කර රට ඉන්දියානු ප්‍රාණ ඇපයට ඇදගෙන යමින් සිටින බවද පැවසූ ඔහු ජාතික සම්පත් කුනු කොල්ලයට විකුණා ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29වන ප්‍රාන්තය බවට පත් කිරීමේ මානසිකත්වයෙන් සිටින බවද පැවසීය.

එවන් පිරිසකට තවදුරටත් රටේ පාලනය භාර දී සිටීම භයානක දෙයක් බව ද පැවසූ හෙතෙම වහාම සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් නිශ්චිත කාලයකට පිහිටුවිය යුතු බවත් කියා සිටියේය.

තෙල් සංස්ථාව සතු පිරවුම්හල් වෙනත් රටවල සමාගම් වලට ලබා දීමට සිදුවන්නේ යැයි විෂයභාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයේ අදහස නම් තෙල් සංස්ථාව වසා දැමිය යුතු බව දැයි ‍ප‍්‍රශ්න කළ අමාත්‍යවරයා අර්බුදයට විසඳුමක් තෙල් සංස්ථාව තෙල් බෙදා දීමේ වගකීම වෙනත් සමාගමකට පැවරීම නම් මේ මොහොතේ ඉන්දියානු තෙල් සමාගමේ පිරවුම්හල්වල ඉන්ධන තිබිය යුතු බවද සඳහන් කළේය.

වෙනත් රටකින් ඉන්ධන බෙදාහැරීමට පැමිණියත් ඔවුන්ගේ ඩොලර් වියදම් කර මෙරටට ඉන්ධන ගෙන එනු ඇතැයි සිතිය නොහැකි බවත් හෙතෙම පැවසීය.

ඉදිරියේ දී විදුලි කප්පාදුව පැය දහයක් පමණ වූ පසු රජයට තනිව විදුලි සැපයුම කළ නොහැකි බව කියා ඉන්දියානු සමාගමකට එයද දිය හැකි බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එම පක්‍ෂ මූදලස්ථානයේද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -Video

Maimoonar

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

Maimoonar

පොලිස් ඩමියට අල්ලස් දෙමින් විහිළු වීඩියෝවක් තැනූ තරුණයන් අත්අඩංගුවට

Maimoonar