January 29, 2026
BusinessBusiness NewsNews

ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප‍්‍රකාශයක්..

‘අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ ඒ නිසා බව ද හෙතෙම පැවසීය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

‘ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.9ක් කිව්වට එක ද්‍රවශීලතා ශතයක්වත් පාවිච්චි කරන්න බෑ. ඒක තියෙන්නේ ‘ස්වොප්’ එකක් හැටියට. ලෝකෙට පෙන්වනවා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒත් අද වනවිට අපේ ඇත්ත සංචිතය බිංදුවයි’

මේ අතර අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සදහන් කලේ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් භාවිතයට ගත හැක්කේ ඩොලර් මිලියන 50කටත් වඩා අඩු ප‍්‍රමාණයක් බවයි.

Related posts

බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..

Maimoonar

කොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..

Maimoonar

මට ලැබුණූ මුදල් ඇමතිකම අරක්කු නැති තැබෑරුමක් වගෙයි – රවී කරුණානායක

Maimoonar

1 comment

Comments are closed.