Local NewsNews

පැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු බව හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් කියා සිටියි.

එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් (26) දින අලුයම 5 සිට දිගු පොලිම් වල රැදි සිටි අතර , එම ඉන්ධන පිරවුම්හලට (26) දින උදැසන 11.30 පමණ භුමිතෙල් ලිටර් 3300 ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් නිකුත් කර තිබුණි.

(26) දින රාත්‍රි 10 පමණ වන තෙක් පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් 2000 අධික පිරිසකට භුමිතෙල් අලෙවි කල බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියේ.

(26) දින උදැසන එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමග පොලිම් වල රැදි සිටි පිරිස් අතර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට යාමේදි යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ නිලධාරින් සමග පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ලොජිපාර්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ ඇමරිකානු ඩොලර් මිලියන 14ක ඒකාබද්ධ ලොජිස්ටික් මධ්‍යස්ථානයට මුල්ගල තැබේ

Maimoonar

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Maimoonar

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Maimoonar