32 C
Colombo
February 19, 2026
Local NewsNews

පැය 17ක් පෝලිමේ සිට භූමිතෙල් ලීටර එකහමාරක්…

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් පැය 17 කට ආසන්න කාලයක් පොලිමේ රැදි සිටිමින් තමන්ට භුමිතෙල් ලිටර් 1 ½ ක් මිල දි ගැනිමට හැකි වු බව හැටන් ප්‍රදේශයේ භුමිතෙල් පාරිභෝගිකයන් කියා සිටියි.

එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබෙන බවට ලද තොරතුරක් මත පාරිභෝගිකයන් (26) දින අලුයම 5 සිට දිගු පොලිම් වල රැදි සිටි අතර , එම ඉන්ධන පිරවුම්හලට (26) දින උදැසන 11.30 පමණ භුමිතෙල් ලිටර් 3300 ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් නිකුත් කර තිබුණි.

(26) දින රාත්‍රි 10 පමණ වන තෙක් පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් 2000 අධික පිරිසකට භුමිතෙල් අලෙවි කල බවයි ඉන්ධන පිරවුම්හල් සේවකයින් කියා සිටියේ.

(26) දින උදැසන එම ඉන්ධන පිරවුම්හලට භුමිතෙල් තොග ලැබිමත් සමග පොලිම් වල රැදි සිටි පිරිස් අතර ඇති වු නොසන්සුන්කාරි තත්ත්වයක් පාලනය කිරිමට යාමේදි යුධ හමුදා භට පිරිස් සහ හැටන් පොලිසියේ නිලධාරින් සමග පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඩයනා අධිකරණයට බාර වෙයි..

Maimoonar

සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලු

Maimoonar

රජය ලබාදුන් සහන පොරොන්දු කප්පාදු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්

Maimoonar