January 29, 2026
NewsPolitical

සියළු පක්‍ෂ වලට ඇමති ධුර දෙන්න සූදානම්…

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වන්නැයි සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කරයි.

වත්මන් අර්බුදය හටගෙන ඇත්තේ ආර්ථික හා ගෝලීය කාරණා කීපයක් හේතුවෙන් බවත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් ඔහු කියා සිටී.

සමස්ත රට වැසියන් සහ අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ සඳහා අමාත්‍ය ධුර භාර ගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරයා ආරාධනා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Maimoonar

ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…

Maimoonar

තවත් කොරෝනා 11ක්.. සියළු දෙනා වැලිසරින්.. ඊයේ දිනයේ පිටතින් කිසිවෙකු නෑ

Maimoonar

6 comments

Comments are closed.