27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

බහුතරය අහිමි වූ ජනාධිපති අන්තර්වාර ආණ්ඩුවකට එකග වේ…

අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ.

ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහ නාහිමි හිමිවරුන් වෙත ලිපියක් යොමු කරමින් එම එම ස්ථාවරය දැනුම් දී ඇත.

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ මේ බව සඳහන් කළහ.

“ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් පසුගිය අවස්ථා කිහිපයක දී ම ගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට ලිඛිතව දැනුම් දුන්නා. අනුශාසනා කළා වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් වශයෙන් කළ යුතු ක්‍රියාදාමයන් පිළිබඳව.

ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමුකළ ගරු ජනාධිපතිතුමා අතිගරු මහානායක මාහිමිපාණන්වහන්සේ ට ලිඛිතව දැනුම් දී තිබෙනවා එතුමාගේ ප්‍රතිචාරය. ඒ අනුව මහනායක මාහිමිපාණන් වහන්සේලා දැනුම්දුන් ආකාරයට ඒ ආර්ථික ප්‍රශ්න, රටේ අර්බුදකාරී තත්ත්වයන් නැති කරලා, මහජනතාවගේ සුබ සාධනය සිද්ධ කිරීමට උත්සුක වෙන බව සඳහන් කරනවා.

විශේෂයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කරන සාකච්ඡා පිළිබඳවත් සඳහන් කරනවා. ඒ වගේම අන්තර්වාර පාලනයක් ඇති කිරීමට එතුමාගේ කැමැත්ත පළ කොට තිබෙනවා.

ඒ සමගම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරලා, ඒ කටයුතු සිදුවිය යුතු බවත් එතුමා දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදීත් යම් යම් කරුණු තිබෙනවා නම් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ට දැනුවත් කරන බවත් එතුමා දැනුම් දී තිබෙනවා.”

Related posts

රුව රකින කරපිංචා

Maimoonar

මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවතට..? 113 සරල බහුතරය අවදානමේ…?

Maimoonar

රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපිය

Maimoonar