32 C
Colombo
February 19, 2026
NewsPolitical

නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂ

නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිවැරදි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

‘රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩිකිරීම යැයි මා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. මා මෙසේ ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාත්මකව මෙම අර්බුදය කළමනාකරණය කළ යුත්තේ කෙසේදැයි තාක්ෂණිකව අදහස් දක්වමින්.

මා කළ කතාවෙන් පැය කිහිපයකට පසුව අළුත් මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය 13.5% ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5% ක් දක්වාත් වැඩිකර තිබෙනවා.

මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක්වීම සුබ ලකුණක් යැයි මා සඳහන් කරන්නට කැමතියි. මීට පෙර සිටි අධිපතිවරයාට අපි කොතෙක් දෑ කිව්වද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වුණා’ යයිද හෙතෙම පැවසීය.

Related posts

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් ලයිස්තුව මෙන්න…

Maimoonar

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Maimoonar

රවි කරුණානානායක පොහොට්ටු සාමාජිකත්වය ගත්තොත් කලබල වෙන්න එපා..- පොහොට්ටුවෙන් කියයි..

Maimoonar

6 comments

Comments are closed.