28 C
Colombo
July 9, 2024
News Political

ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉක්මනින්ම පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

මෙම ජනාධිපතිවරයා ධුරයේ තබාගෙන ඉදිරියට යා හැකි දැයි ප්‍රශ්නයක් ඇති බව ද පැවසූ ඔහු පාර්ලිමේන්තුව දුර්වල කළේ වත්මන් විධායක ජනාධිපතිවරයා බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ දී හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

අපි දවස් තුනක් තිස්සේම පාර්ලිමේන්තුවේදී විසඳුම හොයනවා.හැබැයි මම අහන්න කැමතියි ඒ අර්බුදය ඇති කරේ අපිද කියලා ? දැන් ඔබතුමාම කිව්වා ඉදිරියේදී ආහාර අර්බුදයක් එනවා කියලා.ඒකට හේතු වුනේ විධායක ජනාධිපතිතුමා විසින් හිතු මනාපෙට රසායනික පොහොර තහනම් කරපු එක.ඒකෙන් වුනේ අස්වැන්න 50 % කින් අඩු වුන එක.

කතානායකතුමා – මම කිව්වේ නිසි පියවර නොගත්තොත් එහෙම වෙන්න පුලුවන් කියලා.රසායනික පොහොර දැන් දෙන්න රජය තීරණය කරලා තියෙනවා.

ඒ දැන්නේ..ඔබතුමත් ඒ පැත්තට පොඩ්ඩක් සපොර්ට් කරනවා වගේ.මන් අහන්නේ අපෙන් ඇහුවද එහෙම රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දෙන්නද කියලා ? නෑනේ..ඇහුවේ නෑ.හිතුවක්කාර තීරණයක්.

ඔබතුමා දන්නවද දන්නෙ නෑ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගනිතියෙන් ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා, ” ප්‍රමාණවත් ආහාර පාන ,ඇඳුම් පැළඳුම්,නිවාස පහසුකම්..වැනි ලොකු ලැයිස්තුවක් තියෙනවා.ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න.එතකොට අපේ රටේ ජනතාවට ආහාර පාන,ඇඳුම් පැළඳුම්,නිවාස..අද ගෙයක් හදන්න පුලුවන්ද ,සිමෙන්ති කොට්ටයක් 3000 යි. ඇඳුම් ගැන කතා කරලා වැඩක් නෑ..300% කින් මිල වැඩිවෙලා.අපේ රටේ මේ දේවල් තුන ලබා දෙන්න බැරිනම් ගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා.

ඒ වගේම 2019 දි බලයට පත්වුනාම එතුමා මොකක්ද කරේ,19 වෙනි සංශෝධනය යටතේ ජනාධිපතිගේ බලය අගමැතිතුමාට,කථානායකතුමාට,පාර්ලිමේන්තුවට බලතල බෙදලා දුන්නා.එතුමා දිනුවට පස්සෙ මොකක්ද කරේ,මේ දුන්න සියලුම බලතල එතුමා ගත්තා.එතකොට පාර්ලිමේන්තුව දුර්වල වෙලා අවලංගු කාසියක් වුනා.එතකොට කවුද පාර්ලිමේන්තුව දුර්වල කරේ ? විධායක ජනාධිපතිතුමා.දැන් පාර්ලිමේන්තුව දුර්වල කරලා පාර්ලිමේන්තුවෙන් ව්සඳුම් ඉල්ලනවා.දැන් අපි විසඳුම් ගත්තා කියමුකෝ.ඒත් ජනාධිපතිතුමාට ඒවා ක්‍රියාත්මක කරන්නත් පුලුවන්.නොකර ඉන්නත් පුලුවන්.

දැන් බලන්න අපි 19 ගෙනාපු හැටි.එදා සභානායක හැටියට මමයි ඒක ඉදිරිපත් කරේ.අපි කාරක සභාවල විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු එක්ක ඒවා සාකච්චා කරා.පාර්ලිමේන්තුව ඇතුලෙත් සාකච්චා කරා.අපිට හිටියේ මන්ත්‍රීවරු 45 යි.ඒත් අපි තුනෙන් දෙකෙන් සම්මත කරගත්තා.කොහොමද ඒක කරේ අපි? කාරක සභාවලයි පාර්ලිමේන්තුවෙයි අපි ඒක සාකච්චා කරා.මෙතන හිටිය ගොඩක් අය ඒකට ජන්දෙ දුන්නා.ඒත් 20 ගෙනාවේ කොහොමද ? ජනාධිපතිතුමාගේ නඩු 35 කතා කරපු නීතීඥ මහත්තුරුන්ට එන්න කියලා කෙටුම්පතක් හදන්න කිව්වා.

ඔබතුමත් වැරැද්දක් කරා.ඔබතුමා ආංශික කාරක සභා අත් හිටෙව්වා.පසුගිය රජය ඒ කාරක සභාව පත් කරේ වගන්තියෙන් වගන්තියට පරීක්ෂා කරන්න,ඒත් ඔබතුමා ඒක අත් හිටෙව්වා,කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ.පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ වැරැද්දේ ඔබතුමත් කොටස්කාරයෙක්.20 වෙනි සංශෝධනය ගැන අපි පාර්ලිමේන්තුවට එනකොටයි දන්නේ.හැමවෙලාවෙම පාර්ලිමේන්තුව දුර්වල කරලා අපිට කියනවා උදව් කරන්න කියලා.

පෝට් සිටි එක ගෙනාවා.මම මේ පාර්ලිමේන්තුවේදි ජී.එල්.පීරිස් ඇමතිතුමාගෙන් ඇහුවා,පෝට් සිටි එකේ ගිණුම් පාලනය කරන්න පාර්ලිමේන්තුවට බලයක් තියෙනවද කියලා.පාර්ලිමේන්තුවට පෝට් සිටි එක සම්බන්ධව මුදල් බලයක් නෑ..ඒක ඇති කරේ පාලකයින්ගේ මුදල් ගෙනල්ලා එතන හිරකරන්න.ඉතින් අවුරුදු දෙක හමාරක් තිස්සේ විපක්ෂය ඉන්නවද නැද්ද කියලා බලපු නැති ආණ්ඩුව අද අපෙන් උදව් ඉල්ලනවා.

ගරු කතානයකතුමනි,එම නිසා අද රටේ ඇතිවුන තත්වයට වගකියන්න ඕන අපි නෙවෙයි.ත්‍රිකුණාමලය ගැන ඉන්දියාවත් එක්ක සාකච්චා කරා.අපි දන්නෙත් නෑ.චීනයට වරායෙන් කෑල්ලක් දුන්නා.ඉන්දියාවටත් දුන්නා,මොනා දුන්නද කියලා අපි දන්නෙ නෑ.අපි මහ ලොකුවට කියනවා මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ අපිට කියලා.ඒ වුනාට දෙසැම්බර් 10 වෙනිදයින් පස්සේ මුදල් ඇමති මේ පාර්ලිමේන්තුවේ කතා කරලවත් නෑ.

ඇමරිකාවට කෑල්ලක් දුන්නා.අපිට ගිවිසුම ඉදිරිපත් කරාද ? නෑ..ඉතින් පාර්ලිමේන්තුව දුර්වල කරලා දැන් අපෙන් විසඳුම් ඉල්ලනවා.විසඳුමක් ඕන නම් මේ ව්‍යවස්ථාවේ වෙනසක් ඇති කරන්න ඕනෙ.අපි දෙගොල්ලම එකතුවෙලා බලන්න ඕනේ,මේ විධායක ජනාධිපතික්‍රමය ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා.

අපි ඉන්දියාවෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ.ඉන්දියාව කියන්නේ අර්ධ ද්වීපයක්.මෝදි අගමැතිතුමා කරේ,ගොවීන්ගේ ඉඩම් සමාගම් වලට දෙන්න පනතක් ගෙනාව.ඒකට විරුද්ධව රට පුරාම උද්ඝෝෂණ කරා.ඒ දවස්වල ජන්දෙන් එතුමා ප්‍රාන්ත පහෙන් හතරක්ම පැරදුනා.පස්සෙ එතුමා දැනගත්තා,ඒ පනත් සියල්ලම එතුමා ඉල්ලා අස් කරගෙන ගොවි ජනතාවගෙන් සමාව ගත්තා.ඒ ආදර්ශය අපේ ජනාධිපතිතුමාට පිලි පදින්න පුලුවන්.මේ දුෂ්කරතා ඇති කරාට මුලින්ම ජනතාවගෙන් සමාව ගන්න ඕනේ.ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය යටතේ ජනතාවට මේ දේවල් දෙන්න එතුමා වගකියනවා.මාසෙකට කලින් තිබ්බ ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදි අගමැතිතුමා පහෙන් හතරක් දින්නා.මොකද එතුමා නිහතමානි වුනා.එතුමා ජනතාව ඉස්සරහට ගිහිල්ලා සමාවෙන්න කියලා කිව්වා.ඒ වගෙ පාලකයෝ නිහතමානි වෙන්න ඕනෙ.දෙවෙනි එක තමයි,විධායක ජනාධිපතික්‍රමය ගැන අපේ විපක්ෂ නායකතුමත් කතා කරා.දෙගොල්ලම එකඟයි නම් අපිට වෙනසක් කරන්න පුලුවන් .මම මේ වෙලාවෙදි කියනවා 19 වෙනි සංශෝධනය හරි අඩුම ගානේ බලාත්මක කරන්න කියලා.

අනිත් එක අධිකරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය.කතානයකතුමනි,ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරහා විරෝධතාවයක් තිබ්බා.ලැජ්ජයි අපිට..මේක කවදාවත් වෙලා නෑ.මොකක්ද එයාලගේ සටන් පාඨය ? ආණ්ඩුවේ ප්‍රබලයෝ ඉන්න හැම නඩුවක්ම නිදොස් කොට නිදහස්.ඒක තමයි ආණ්ඩුවේ අධිකරණය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය.

අපි කැමතියි උදව් කරන්න.ඊයේ රාත්‍රියේදී මමයි,හර්ෂ ද සිල්වයි,රංජිත් මද්දුම බණ්ඩාරයි,විපක්ෂ නායකතුමා සමඟ සාකච්චාවක් කරා.ජී.පී.එස් ටැක්ස් එක..නැතිනම් අධිභාර බද්ද..විවාදයක් නැතුව සම්මත කරමු කියලා.මට ආරංචියක් ලැබුනා,අපේ ආණ්ඩුව බාර දෙනකොට ඩොලර් මිලියන 7.5ක් තිබ්බා .එතකොට අද අපේ භාන්ඩාගාරේ තියෙන්නේ මිලියන 500 කට අඩුවෙන්.ඒ මුදල තව සති තුනකින් අවසන් වෙනවා.

එතකොට අපි මොකක්ද කරන්නේ ?ඉතිං මේ ප්‍රශ්නේ සැහැල්ලුවට ගන්න එපා.ජනතාව උද්ඝෝෂනය කරනවා.ඉස්සෙල්ලම උද්ඝෝෂනය කරේ ගෑස් ඉල්ලලා.දුන්නෙ නෑ.ඒ කාලේ ගෝටා ගෝ හෝම් කිව්වෙ නෑනේ.විදුලිය ඉල්ලුවා.දුන්නෙ නෑ.කිරිපිටි ඉල්ලුවා.දුන්නෙ නෑ.පාසල් වහලා.ජනතාව එළියට බැස්සා.ඉතින් අපි දෙගොල්ලන්ම එකතු වෙලා,අපි විපක්ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කෙටුම්පතක් ඉල්ලනවා.ඒක සලකලා බලන්න.මොකද ලේ විලක් වෙන්න දෙන්න බෑ.අපි සමගි ජන බලවේගය ,සාමකාමී විරෝධතාවලට පක්ෂයි.මේක පටන් ගත්තේ සාමකාමීව.ඒක දරුණු වුනා,ජනතාවගේ පීඩනය වැඩිවුන නිසා.ඉතින් මේ රට අඝාදයට දාපු ජනාධිපතිතුමාව මේ ස්ථානයේ තියාගෙන යන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.ඉතින් තීරණයක් ගන්න..ඒක තියෙන්නේ ජනාධිපතිතුමා අතේ..

Related posts

ගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

Shiran Viraj

‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..

Shiran Viraj

රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..

Shiran Viraj

1 comment

cafe bossa nova October 5, 2023 at 4:00 pm

cafe bossa nova

Reply

Leave a Comment