27.8 C
Colombo
February 26, 2026
NewsPolitical

ජනපති අද රට අමතයි.. සියළු නාලිකා ඔස්සේ..

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

  1. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
  2. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
  3. රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත
  4. ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක
  5. දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත
  6. කණක හේරත් මහතා – මහාමාර්ග
  7. විදුර වික්‍රමනායක මහතා – කම්කරු
  8. ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග
  9. ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන
  10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන
  11. විමලවීර දිසානායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ
  12. කංචන විජේසේකර මහතා – බලශක්ති, විදුලිබල
  13. තේනුක විදානගමගේ මහතා – තරුණ හා ක්‍රීඩා
  14. නාලක ගොඩහේවා මහතා – ජනමාධ්‍ය
  15. චන්න ජයසුමන මහතා – සෞඛ්‍ය
  16. නසීර් අහමඩ් මහතා – පරිසර
  17. ප්‍රමිත බණ්ඩාර තේනතකෝන් මහතා – වරාය හා නාවික

ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන මහත්වරුන් දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදු නොවිණ.

නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපතිතුමා කළ කතාව අද (18) රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

පාස්කු බෝම්බ ප‍්‍රහාරය : බදියුදීන් 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට…?

Maimoonar

පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට

Maimoonar

රාජකාරි කාලයේදී රාජ්‍ය සේවකයන්ට ජංගම දුරකතන තහනම් කරමින් චක‍්‍රලේඛයක්..

Maimoonar