32 C
Colombo
February 19, 2026
Local NewsNews

ජනතාව ඇදිරි නීතියට සූදානම්.. අරක්කු මිලට ගන්න දිගු පෝලිම්.

රජය විසින් (02) දින පස්වරු 6 සිට ලබන (04) දින උදැසන 6 දක්වා ඇදිරි නිතිය පැනවිමත් සමග කලබලයට පත් වතුකරයේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිම සදහා වතුකරයේ ප්‍රධාන නගර වලට පැමිණෙන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කිරිමත් සමග පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කල වෙලදුන් දැඩි අසිරුතාවයට පත් වි ඇති අතර , ප්‍රධාන වෙලදසැල් වසා දමන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කිරිමත් සමග වතුකරයේ ප්‍රධාන නගර වල පිහිටි මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිල දි ගැනිමට වතුකරයේ ජනතාව විශාල උනන්දුවක් පවතින අයුරු සහ මත්පැන් මිල දි ගෙන යන අයුරුද දක්නට ලැබින.

රජය මගින් ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කලද පොලිස් මුලස්ථානය විසින් මේ වන තෙක් තමන්ට ඒ පිලිබදව දැනුම් දිමක් හෝ උපදෙස් කිසිවක් නොලැබුණු බව පොලිස් නිලධාරි කියා සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

පාර්ලිමේන්තුවේ බොරු කීමේ වරප‍්‍රසාදය අහෝසි කරන්න යෝජනාවක්…

Maimoonar

වන්නි වැඩිම මනාපය බදියුදීන්ට

Maimoonar

බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..

Maimoonar

483 comments

Comments are closed.