February 12, 2026
NewsPolitical

අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට වෘත්තීය සමිති තුළින් ලැබෙන සහයෝගය අගය කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රගතිශීලී වෘත්තීය සමිති ජාතික මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ පවතින අර්බුදය නිර්මාණය වුයේ සියලු දේශපාලන පක්ෂ අතීතයේ ගත් තීරණ නිසා බවත්, එමගින් නිර්මාණය වූ ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් දක්වා පැමිණ ඇති බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ පිරිස නිර්දෝෂීන් ලෙස පෙනී සිටිමින් වර්තමාන රජය මත සියලු චෝදනා එල්ල කරමින් සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා හමුවේ පෙන්වා දුන්හ.

ජනතාව මුහුණ දී ඇති අසීරු තත්ත්වයෙන් මුදා ගැනීමට රජය ගන්නා ක්‍රියාමාර්ග කඩිනම් කර ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති ලෙස ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහත්වරු සහ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, ප්‍රගතිශීලී රාජ්‍ය සේවක සම්මේලනය, ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමය, පොදුජන වතු සේවක සංගමය, පළාත් පාලන සේවක සංගමය,  පොදුජන පෙර පාසල් සංගමය ඇතුළු ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානයේ වෘත්තීය සමිති නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..

Maimoonar

මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

Maimoonar

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Maimoonar

488 comments

Comments are closed.