February 12, 2026
NewsPolitical

යහපාලන ආණ්ඩුව අද තිබුණා නම් ඩීසල් රුපියල් 126යි.. පෙට්‍රල් රුපියල් 130යි..

යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද තෙල් මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“වෙළෙඳපොලේ තෙල් මිල පහලට ඇවිල්ලා තියෙනවා. බොරතෙල් මිල ඩොලර් 98 යි මේ වෙනකොට. ඉතින් ඇත්තටම යහපාලන කාලේ තිබුණු ඩොලරයට රුපියල් 180 ට තිබුනනම් සහ මේ මිල ගත්තා නම්, අද වෙනකොට ඇත්තටම ඩීසල් ලීටරයක මිල වෙන්නේ, රුපියල් 126 යි. පෙට්‍රල් ලීටරයක් වෙන්නේ රුපියල් 130 යි.

එහෙමනම් රටේ ජනතාවට තේරෙනවා අද පෙට්‍රල්, ඩීසල් හිඟයට අමතරව කොයිතරම් මුදලක් මේ ආණ්ඩුව ඉන්ධනවලට පනවල තියෙන සහගහන බදු හරහා ජනතාවගෙන් පික් පොකට් ගහනවද කියලා මහජනතාව පෝලිම් වල ඉන්න අතරේ. මතක තබා ගන්න ආදායම් ඉතාමත්ම අඩු වෙලා තියෙන මේ අවස්ථාවේ දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට උපයා ගන්නවා.

ඒ වගේම ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අනෙක් පැත්තෙන් ජනතාවට මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට මේ පෙට්‍රල්, ඩීසල් හෝ බොරතෙල් ගෙන්වීම ලංකාවට කරන්න බැහැ. මොකද මේ විදිහට යන්තම් චුට්ට චුට්ට කරගෙන  මේ රීලෝඩ් ක්‍රමයට මේක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ.

ඒ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. ඒක කරන්න මේ ආණ්ඩුව අසමත්. ඒ නිසා ගෑස් පෝලිම් වල, පෙට්‍රල් පෝලිම් වල, ඩීසල් පෝලිම්වල දුක් විඳින ජනතාව දැන් ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් නැගී සිටීම ඉතාම අවශ්‍ය කරලා තිබෙනවා” පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.12,754 views

Related posts

67 මහලෙන් වැටී ජාත්‍යන්තර පාසලක සිසුවෙකු සහ සිසුවියක මරුට…

Maimoonar

බිරිඳ සමඟ රහසේ පටිගත කළ ලිංගික දර්ශන ඇගේ ශිෂ්‍යාවකට යැවූ සැමියා අත්අඩංගුවට ගන්නැයි නියෝග

Maimoonar

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Maimoonar

3 comments

Comments are closed.