NewsSportsSports News

හිට් විකට් වී දැවී යන්නැයි ජාතික පිලේ ක‍්‍රිකට් ක‍්‍රීඩයෙකුට මැණික් ව්‍යාපාරිකයෙක් කියලා.. ලොකු මුදලකට..

පසුගිය එල්.පී.එල්. තරඟාවලියේ දී තරඟ පාවා දීමේ සිද්ධියක් සමබන්ධ තොරතුරු අනාවරණය වී තිබෙන බව ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසයි.

දැනට ශ්‍රී ලංකා පිල නියෝජනය කරනු ලබන ප්‍රබල තරුණ පිතිකරුවෙකු හට මෙලෙස තරඟ පාවා දීම සඳහා යෝජනාවක් සිදුකර තිබේ. ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජගත් ෆෝන්සේකා මහතා පවසන්නේ අදාළ තරුණ ක්‍රීකඩයාට ‘හිට් විකට්‘ වීමකින් දැවී යන ලෙස යෝජනා කර ඇති බවත් ඒ සඳහා විශාල මුදලක් ලබා දීමට හැකි බවට අදාළ පාර්ශවය විසින් දන්වා ඇති බවත්ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට සුප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ මිතුරෙකු විසින් එම තරඟ පාවාදීමේ යෝජනාව අදාළ ක්‍රීඩකයාට සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් එම ක්‍රීඩකයා විසින්ම අදාළ සිදුවීම ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකය වෙත දැනුම් දී තිබේ.

“ඒ ක්‍රීඩකයා තමයි අපිට මේ බව දැනුම් දුන්නේ. ඇත්තවශයෙන්ම ඔහු හොඳ ආදර්ශමත් ක්‍රීඩකයෙක්“, යැයි ජගත් ෆෝන්සේකා මහතා මෙහිදී පැවසීය.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂනයක් ආරම්භ කර සම්පූර්ණ වාර්තාවක් නීතිපතිවරයා වෙත යොමුකිරීමට ක්‍රීඩා වැරදි විමර්ෂනය කිරීමේ ඒකකය මේ වන විට පියවර ගෙන ඇත.

– adaderana

Related posts

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

Maimoonar

රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..

Maimoonar

ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයෙන් පහළ මැදි ආදායම් කාණ්ඩයට ඇදවැටෙයි

Maimoonar

522 comments

Comments are closed.