Local News News

සිපෙට්කෝ ගමන නිමයි… තෙල් ගේන්න සල්ලි දෙන්න බැංකු බෑ කියයි..

තෙල් සංස්ථාව මේ වනවිට රුපියල් කෝටි 75,000 ක ණයබර ආයතනයක් බවට පත්ව සිටින නිසා මින් ඉදිරියට සත පහක මුදලක් ලබාදිය නොහැකි යැයි බැංකු දැනුම් දීමත් සමග සංස්ථාව තීරණාත්මක තැනකට ඇදවැටී තිබේ.

රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන තිබෙන ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 37,000 ඉක්මවා ගොස් ඇත. ඉකුත්දා ඉන්ධන මිලදී ගැනීමේදී ඒ සදහා අවශ්‍ය ඩොලර් සදහා ගෙවිය යුතු රුපියල් ප‍්‍රමාණයක් සොයා ගැනීමට සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් රුපියල් කෝටි 1036 ක මුදලක් ඉල්ලූවත් එයද ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ වනවිට තෙල් සංස්ථාව ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි 11,000 ඉක්මවා ඇති අතර එක් දිනක පාඩුව රුපියල් කෝටි 55ක් (මිලියන 551ක්) යැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තෙල් සංස්ථා සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මේ මූල්‍ය අර්බුදයට වගකිවයුත්තේ තෙල් සංස්ථා නිලධාරීන්, මහබැංකු නිලධාරීන් ඇතුළු මෙම කටයුතු කළමනාකරණය කළ පිරිස බවයි.

ජනාධිපති, අගමැති, විෂය භාර ඇමැතිවරුන් හා සභාපතිවරුන් වෙනස් වුවත් මේ ආයතන දෙකේ රාජ්‍ය නිලධාරීන් කළ දේවල්වල ප‍්‍රතිඑල දැන් ලැබී තිබෙන බවද ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සදහා මේ වනවිටත් මසකට රුපියල් කෝටි 25 ක් 30 ක අතිකාල (OT) ගෙවන බව එම ආයතන මූල්‍ය අංශ පවසයි.

සාමාන්‍යයෙන් ආයතනයක් ලාභ ලබන විට ලාභෙන් කොටසක් සේවකයන්ට බෝනස් ලෙස ලබාදුන්නත් පාඩු ලබන මේ ආයතන සේවකයන් 5,200ක් පමණ පිරිසට වසරකට තුන්වරක් බෝනස් ලබාදීම සදහා පමණක් රුපියල් කෝටි 150 ක් පමණ වැය කරනු ලැබේ. ඊට අමතරව වාහන, ඉන්ධන දීමනාවලට පිරිසක් හිමිකම් කියන අතර වැටුප් හා එකී දීමනා ගෙවීමට පවා බැංකුවලින් ණය ලබාගත් නිසා ණයගැති ප‍්‍රධාන රාජ්‍ය ආයතනය බවට සංස්ථාව පත්වූ බවද එම නිලධාරියා සදහන් කළේය.

තෙල් මිලදී ගැනීමට ඩොලර් වෙනුවෙන් ගෙවීමට සංස්ථාව සතුව රුපියල් නැතිවී නුදුරේම තෙල් හිගයක් ඇතිවෙතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා කියන්නේ තත්ත්වය දරුණු අඩියට වැටී තිබෙන නිසා යැයි ද එම නිලධාරියා සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් අවධාරණය කළේය.

– ශිරාන් රණසිංහ

Related posts

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Shiran Viraj

රෝහිත රාජපක්‍ෂ ක‍්‍රිකට් පිටියේ..

Shiran Viraj

2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත් මහතා පැවසිය.

Shiran Viraj

1 comment

relaxing music October 18, 2023 at 11:16 pm

relaxing music

Reply

Leave a Comment