Local News News

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පහත අදහස් දක්වන ලදී.

ජනාධිපතිතුමයි, අගමැතිතුමයි, ගෝලයෝ රොත්තක් දාගෙන පුරසාරම් බෑවා. ඒ නිසා සමගි ජනබලවේගයේ නිල මතය ප්‍රකාශ කිරීම සදහා එහි මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට තමයි මම අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ පක්ෂය වෙනුවෙන්.

පළමුවෙන්ම අරම්භයේදීම කියන්න ඕන ගරු අගමැතිතුමා කිව්වා එතුමන්ලාට මහපාරත් ඔට්ටුයි, වැල්ලත් ඔට්ටුයි, පාද යාත්‍රාත් ගිහිල්ලා තියෙනවා , ඡන්දෙකට එන්න කියලා . අපි අගමැතිතුමාගේ අභියෝගය භාර අරගෙන අපි එතුමට කියනවා අපිටත් මහපාරත් ඔට්ටුයි, ඒ වගේම වැල්ලත් ඔට්ටුයි, ඒ වගේම අපිට කුඹුරත් ඔට්ටුයි, ඡන්දෙත් ඔට්ටුයි අපිට. ඒනිසා අපි අගමැතිතුමාගේ අභියෝගය බාර අරගෙන එතුමාට කියනවා තමුන්නාන්සේලා බයේ කල් දාපු පළාත් පාලන මැතිවරණය තියන්න, ඒ අභියෝගය භාර ගන්න සමගි ජනබලවේගය ලෑස්තියි. ජනවරම ටෙස්ට් කරලා බලමු. කොයි පැත්තට ද ජනමතය තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් 2019 සල්ගාදු ක්‍රීඩාංගණයයි ඊයේ සල්ගාදු ක්‍රීඩාංගණයයි මාධ්‍ය විසින් විමර්ශණය කරලා බැලුවා. අපි මෙදා පාර කොළඹ හෝ නුවර හෝ නෙමෙයි කරන්නේ ලබන මාසේ අපිත් සල්ගාදු ක්‍රීඩාංගණයේ අපිත් තියලා පෙන්නනවා ජනවරම කොහෙද තියෙන්නේ කියලා අගමැතිතුමා. ඔබතුමාගේ අභියෝගය අපි භාර ගත්තා , පුළුවන්නම් අපේ අභියෝගය ඹබතුමා භාරගන්න කියලා. ඒක අංක 1

අංක 2 තමයි දැන් ජනාධිපතිතුමා කියනවා පොහොර එක්ක හරි පොහොර නැතුව හරි ගොවියන්ගේ ආදායම 100%කින් වැඩි කරනවා කියලා. මට තේරෙන්නේ නෑ මේක සිහිබුද්ධියකින් කරපු ප්‍රකාශයක් ද කියලා . පොහොර නැතුව නිශ්පාදයක් නැත්නම් වන්දි ගෙවලා තමයි වැඩි කරන්න වෙන්නේ. වන්දි ගෙවන්නේ කීයද ? අක්කරයකට වී ගොවිතැනට රු.40,000/- උපරිමය අක්කර 5කට. අනෙක් වගාවන්ට අක්කර දෙකහමාර තමයි ගෙවන්නේ. එතකොට එක කන්නයක් ඕකෙන් කවර් කරලා ආදායම වැඩි කරන්න පුළුවන්ද නැද්ද කියලා අපිට තේරෙන්නේ නෑ. හැබැයි එක දෙයක් තියෙනවා , ගොවියා නිකම් හිගා කන මනුස්සයෙක් නෙමෙයි. අපි දැක්කා ඊයේ පත්තරේ ෆුල් පේජ් දැන්වීම් දාලා ගොවියන්ට වන්දි ගෙවනවා. මේ එක රැයින් ගත්තු තීන්දුවකින් සම්පූර්ණයෙන්ම රටේ නිෂ්පාදනය අඩාල කරලා. කෘෂි අපනයනය විනාශ කරලා , ආහාර උද්ධමනය වැඩි කරලා , බඩු මිල වැඩි වෙන්න ඉඩ දීලා , දැන් වන්දි ගෙවන එකත් උත්සව තියලා දෙන ආණ්ඩුවක් මේක. ඉතින් ඒ නිසා මේක කොහෙන් කතා කරපු එකක් ද කියන එක අපි දන්නේ නෑ.

අපි බලාපොරාත්තු වෙනවා 3 වෙනි කාරණය විදියට කියන්න සාමාන්‍යයෙන් මිනිහෙකුට තිනේනේ මොල එකයි. දැන් මුදල් ඇමතිට තියෙනවලු මොල හතක් . හැබැයි මටනම් පේන්නේ එයාට හතක් කෙසේ වෙතත් මොල භාගයයි තියෙන්නේ කියලා . මොකද එයා දෙසැම්බර් මාසේ අයවැය ගෙනල්ලා , ඒ අයවැයේ නොතිබිච්ච වියදම් දෙකක් මාසයක් යන්න කලින් එයා ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි එක තමයි බජට් කරපු නැති රු 5000/- ක් ලබා දීම. එතකොට මේ වියදම දරා ගන්නෙ කොහෙන්ද කියලා අපි දන්නේ නෑ. එතකොට ඒක මොල 7 ද , මොල භාගේ වැඩක්ද කියන එක අපිට ලොකු ප්‍රශ්ණයක් තියෙනවා.

ඊලගට මේ වැඩ ලක්ෂයක් කියලා එකක් ගෙනල්ලා තියෙනවා. මේ වැඩ ලක්ෂයක් කියලා ගෙනල්ලා තියෙන්නේ මොකටද? මිනිස්සු කන්න නැතුව ඉන්නකොට , කරන්ට් නැතිව ඉන්නකොට, ගෑස් නැතුව ඉන්නකොට, බෙහෙත් නැතුව ඉන්නකොට , තෙල් නැතුව ඉන්නකොට , බඩු මිල වැඩි වෙලා ලෙව කකා ඉන්නකොට මේ ගමේ පාරවල් හදන සෙල්ලමක් පටන් අරන් තියෙන්නේ වෙන මොහොකටවත් නෙමෙයි , ගමේ ඉන්න අර ත්‍රාඩ පොහොට්ටු කාඩර් එකේ ඉන්න ප්‍රාදේශිය නායකයින්ට හොරකම් කරන්න දෙන්න කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි . එතකොට මේ හොරකම් කරන්න දෙන්න මේ unbudgeted වියදම කරන්නේ කොහෙන්ද ? සල්ලි අච්චු ගහලා . සල්ලි අච්චු ගහන එක ගමේ සිරිසේන මහත්තයාට, නැත්නම් ලෙච්චිනා හාමිට මැෂින් එකක් දුන්නානම් කර ගන්න පුළුවන්. සල්ලි අච්චු ගහලා ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් . දැන් මේ අපිට මොනවා හරි ටියුෂන් පන්තියේ ටියුටර් එකක් ගත්තොත් ඒක පොටෝ කොපි ගහලා ඕන තරමක් බෙදන්න පුළුවන්නේ. හැබැයි ටියුටර් එක ගහන්න මොලේ එන්නේ නෑ. ඒක පොටෝ කොපි ගහලා බෙදුවා කියලා . ඉතින් ඒ වගේ සල්ලි අච්චු ගහලා කරන ඒවා ඕන තරම් කරන්න පුවවන් . ඉතින් ඒ නිසා අපි තවදුරටත් කියනවා මේ මුදල් ඇමතිගේ මොල හත කෙසේ වෙතත් මොල භාගේ කොච්ච්රද කියලා පෙන්නන්න නම් දැන් බලන්න ලංකා ඉතිහාසේ කිසිම ආණ්ඩුවක් අත තියපු නැති එකක් තමයි EPF එකයි ETF එකයි . මොකද මේ රටේ පුද්ගලික අංශයේ ඉන්නවා මිලියන දෙකකට ආසන්න සේවක පිරිසක්. ඔවුන් තමන්ගේ ජීවිත කාලයම දාඩිය මහන්සිය කදුල කැප කරලා හම්බ කරපු මුදල් රජයේ සේවකයෙක්ට වගේ විශ්‍රාම වැටුපක් නොලැබෙන හින්දා ඒක තමයි තියන් ඉන්නේ තමන්ගේ දුව කසාද බන්දලා දෙන්න, දරුවන් උසස් අධ්‍යාපනය ලබලා දෙන්න, විශ්‍රාම දිවිය කාටවත් අතනොපා ජීවත් වෙන්න . එතකොට මෙන්න මේකට EPF එකට ETF එකට පළවෙනි වතාවට අත තියලා තියෙනවා. දැන් ලංකාවේ තියෙන ලොකුම ෆන්ඩ් එක තමයි EPF එකයි ETF එකයි . එතකොට ගිය අවුරුද්දේ ඒකේ ලාභය දළ වශයෙන් රු බිලියන 250 ට වැඩියි. බිලියන 60ට ආසන්න මුදලක් 25%ක් ටැක්ස් ගහන්න හදන්නේ මොකටද ? මේ පොහොට්ටුවේ පල්ලෙහා ඉන්න ත්‍රාඩ කණ්ඩායමට හොරකම් කරන්න දෙන්නයි ගජමිතුරන්ට රු බිලියන 800ක සහන දීලා කඩන් වට්ටපු ආර්ථිකයට පැලැස්තර විසදුම් දෙන්නයි මේ පුද්ගලික අංශයේ මිනිස්සු ජීවිත කාලයක් හම්බකරපු සල්ලි ටික හොරා කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට කියන්න කැමැතියි සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ මිලියන දෙකේ ජනතාවගේ බත් පතට ගහන එක නැවැත්තුවේ නැත්නම් අපි මේ මිලියන දෙක පාරට බස්සනවා. අපි පාරට බස්සන්නේ අර මහින්ද මහත්තයා ගියා වගේ ෆුට් සයිකලේ තෙල් නැති වුනාම ගියා වගේ නෙමෙයි. සටනක් දිනවන්න. ඒනිසා වැඩවර්ජන එපානම්, මිනිසු පාරට බහින එක නවත්තන්න ඕනනම් වහාම මේ පනත ටැක්ස් එක EPF එකට ETF එකට අත තියන්නෙ නැතුව හකුල ගන්න කියලා අපි මුදල් ඇමතිට කියන්න කැමතියි.

අනිත් එක මේකට අමතරව විශ්‍රාම වැටුපෙ ෆන්ඩ් එකෙනුත් ටැක්ස් එකක් ගහන්න යනවා . මේවා කවදාවත් මේ ආත්මෙදි මේ රටේ වෙච්ච දේවල් නෙමෙයි. මේවා මොල හතේ වැඩද . මෙලෙ භාගෙ වැඩද , මොල කළ‌ඳක වැඩක්ද කියලා මට තේරෙන්නෙ නෑ. මහලොකු පම්පොරි ගහලා ගෙනාපු මුදල් ඇමති කරන වැඩේ ඔන්න ඒකයි. ඒක කරලා සල්ලි අච්චු ගහලා දිලා වැඩක් නෑ. මොකද තමාට ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බෑ. පඩි වැඩි කරාට වැඩකුත් නෑ මොකද උද්ධමනය වැඩි වෙලා තියෙන්නේ . එතකොට තමාට ලැබෙන වැටුපට වටිනාකම අඩු වෙලා තියෙන්නේ. මොකද ඒ මට්ටමට උද්ධමනය හරහා භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ . ඉතින් ඒ නිසා බඩු මිල සීඝ්‍රයෙන් ඉහළ යද්දි මේ වගේ සොච්චම් මුදලක් දීලා හරියන්නෙත් නෑ. මොකද හේතුව උද්ධමනය පාලනය කරන්නෙ නැත්නම් කොච්චර වැඩි කලත් වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා වහාම මේ සල්ලි අච්චු ගහන එක නතර කරන්න . උද්ධමනය අඩු කරන්න. මිනිස්සුන්ට අතට ලැබෙන මුදලේ වටිනාකම වැඩි කරන්න . එතකොට ආහාර මිලත් පාලනය වේවි. අපෙන් ඇහුවනම් අපි ඕවා කියලා දෙනවා. අපෙන් ඇහුවේ නෑනේ.

මේ වැඩේ හරියට එක සාක්කුවකට මුදල් ඇමති විදිනවා. අනික් සාක්කුවට මහ බැංකු අධිපති විදිනවා වගේ වැඩක් වෙන්නේ. මොකද මුදල් ඇමති ටැක්ස් ගහනවා. මහ බැංකු අධිපති සල්ලි අච්චු ගහනවා. එතකොට මේ දෙන්නාම ජනතාවගේ සාක්කුවට විදින තත්ත්වයක් තමයි අපිට පේන්නේ. ඒ නිසා අපි යලිත් වතාවක් අවසාන වශයෙන් කියන්න ඕන අගමැතිතුමාගේ හරි, ජනාධිපතිතුමාගේ හරි මුදල් ඇමතිගේ හරි අභියෝගය අපි භාර ගන්න ලෑස්තියි. ජනවරම ටෙස්ට් කරන්න, පුළුන්නම් ඡන්දේ තියන්න. ප්‍රාදේශිය සබා මැතිවරණය කල් දාපු එක. පෙබරවාරි 9 වෙනිදා ද කොහෙද කාලය අහෝසි වෙන්න තිබ්බේ. අවුරුද්දක් කල් දාලා තියෙන්නේ. ඕන්නම් වැල්ලේ ඡන්දෙ තියන්න . ඕන්නම් කුඹුරේ ඡන්දේ කරමු. ඕන්නම් ඉස්කෝලෙදි ඡන්දෙ කරමු. ඕන්නම් මහපාරේදි ඡන්දෙ කරමු. නැත්තනම් ඡන්ද පොලේදී ඡන්දෙ කරමු. අපි අභියෝගය භාර ගන්න ලෑස්තියි.

– මාධ්‍ය ඒකකය

Related posts

දුකාට මොකද වුණේ?

Shiran Viraj

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

Shiran Viraj

තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්

Shiran Viraj

5 comments

top rated restaurants in tarpon springs May 1, 2023 at 7:15 pm

It is a must-see restaurant top rated restaurants in tarpon springs Tarpon Springs.

Reply
age partnership equity release jobs June 18, 2023 at 5:55 pm

A lifetime mortgage is a type of age partnership equity release jobs release.

Reply
best electricity plans texas June 21, 2023 at 7:28 am

Solar energy systems come in all shapes and sizes.

Feel free to surf to my blog post best electricity plans texas

Reply
hgnnfjnb October 30, 2023 at 12:49 pm

Dear immortals, I need some wow gold inspiration to create.

Reply
domestic heat pump December 3, 2023 at 9:45 pm

promealu.com domestic heat pump promealu.com.

Reply

Leave a Comment