27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වහයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් තවදුරටත් පහල බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටම (01) දින උදැසන 6 වන විට පිටාර මට්ටම අඩි 155 සිට අඩි 84 දක්වා පහල බැස ඇති බවත්, මවුස්සාකැලේ ජලාහයේ පිටාර මට්ටම වන අඩි 120 සිට අඩි 66.5 දක්වා පහල බැස ඇති බවයි ජලාශ භාර ඉංජිනේවරුන් කියා සිටියේ.

ජල මට්ටම පහල බැසිමත් සමග එම ජලාශයන් ඉදි කිරිමේදි ජලයට යට වු නටබුන් රැසක් යලි මතුවෙමින් පවති.

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වලින් ලබා ගන්නා ජලයෙන් විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පදන කටයුතු සිදු කරන අතර,කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ජල විදුලි බලාගාරයේ මේ දිනවල විදුලි උත්පාදනය සිදු නොකරන බවයි එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Maimoonar

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ.. මිල සීමා මෙන්න..

Maimoonar

සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…

Maimoonar