27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

විදුලි බලාගාර ජලාශ රැසක ජල මට්ටම් අඩියටම බහී.. ජල විදුලි නිෂ්පාදනය අවම වේ..

ජල විදුලි බලාගාර වල පිහිටි ජලාශ රැසක ජල ධාරිතාව (25) දින අලුයම 6 වන විට තවදුරටත් පහල  බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.

මවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 120 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජලය අඩි 80.9 දක්වා පහල බැස ඇත.

කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර , මේ වන විට එම ජලාශයේ ජලය අඩි 134 දක්වා ජලය පහල බැස ඇත.

ලක්ෂපාන ජලාශයේ වේල්ලේ උස අඩි 82 වන අතර , එහි ජල ධාර්තාව අඩි 75.2 දක්වා පහල බැස ඇත.

විමලසුරෙන්ද්‍ර ජලාශයේ වේල්ලේ උස අඩි 91 වන අතර , එහි ජල ධාරිතාව අඩි 86.8 දක්වා පහල බැස ඇත.

කැනියොන් ජලාශයේ වේල්ලේ උස අඩි 55 ක් වන අතර එම ජලාශයේ මේ වන විට ජල මට්ටම අඩි 49.1 දක්වා පහල බැස ඇත.

කැනියොන් ජල විදුලි බලාගාරයට ජලය රැගෙන යන උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තවත් මාස කිහිපයකට තාවකාලිකව නතර කර ඇති බවත්,ලක්ෂපාන ,නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජනේරුවන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

IMF අදම වැඩ අල්ලයි..

Maimoonar

යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්

Maimoonar

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

Maimoonar

3 comments

Comments are closed.