Local NewsNews

විදුලි පහන්, විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි…

විදුලිය භාවිතය අඩි කිරීම සදහා වූ යෝජනාවක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ යයි විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ මහතා පවසයි.

මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම, කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා මේ යටතේ ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

කැළණිතිස්ස විදුලි බලාගාරය 25 වැනිදා වන විට සක්‍රිය නොවුනොත් නැවතත් විදුලිය කැපීමේ අවදානමක් ඇති බවද පැවසූ ඇමතිවරයා අදල හෙට සහ අනිද්දා විදුල කප්පාදුවක් සිදු නොකරන බවද සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

රවි කණෙන් රිංගන තුරු රනිල් දන්නෙවත් නෑ..- එජාපයෙන් නිවේදනයක්

Maimoonar

බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයක

Maimoonar

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Maimoonar

2 comments

Comments are closed.