Local News News

රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

පවතින කොවිඩ් වසංගත තත්වය යටතේ උවද රට තුල අනෙකුත් අංශ යථා තාවයට පත්වන අවස්ථාවක විශ්ව විද්‍යාල අධ්‍යන කටයුතු ආරම්භ නොකිරීමට විරෝධය දක්වමින් අද දින 43 සේනාංක තරුණ අංශය මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණ.

එහිදී අදහස් දැක්වූ කැඳවුම්කරු තීක්ශන ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉතා වෙහෙස මහන්සියක් දරා දෙමව්පියන්ගේ දුක් කම්කටුලු මතින් උසස් අධ්‍යාපනය ලැබීමට පැමිණි ශිෂ්‍යන්ට තම අධ්‍යාපනය හැදෑරීමට පවතින රජය ඉඩප්‍රස්ථාව ලබානොදෙන බවයි.

“මේ රටේ පෙර පාසල්, අනෙකුත් උපකාරක පන්ති, උත්සව, රාජ්‍ය උත්සව, පෞද්ගලික උත්සව, සියලුම දේවල් කොවිඩ් නීති රීතිත් එක්ක කරනකොට, අද විශ්ව විද් යාල පද්ධතිය ඇරගන්න බැරි මට්ටමකට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒක අපි හිතන්නේ ඉතාම සැලසුම් සහගතව මේ තරුණයාව කොටු කරන්න කරන කාර්යයක් කියලා”

මෙම විශ්ව විද්‍යාල විවෘත නොකිරීමට හේතුව ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යා ඔවුන්ගේ මෙම අසාර්ථක පාලනය එරෙහිව නැගී සිටීවි යන බියනිසා බව එම සංගමය පවසයි.

“විශ්ව විද්‍යාල ඇරියොත් මේ ශිෂයෝ ඇවිල්ලා ආණ්ඩුවට විරුද්ධව අරගල කරයි. සංවිධානය වෙයි. ආණ්ඩුවට බලපෑම් කරයි. ආණ්ඩුව වට්ටන්න සැලසුම් හදයි කියන මේ බය මේ ආණ්ඩුවට තියෙනවා. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට මේ බය තියෙනවා.

මේ රටේ තරුණයාගේ නැගිටීම එළියෙත් තියෙනවා. විශ්ව විද්‍යාල ඇරියොත් ඒක තුළත් තියෙන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ මොකක්ද? විශ්ව විද්‍යාල පද්ධතිය වහලා මේ ඔන්ලයින් ක්‍රමයට මේ දැනුම් බෙදා දෙන එක මේ ආණ්ඩුව දිගින් දිගටම කරගෙන යනවා.

ඉතින් අපි මේ ආණ්ඩුවට පැහැදිලිව කියන්න කැමතියි. තවදුරටත් කල් මරන්න දෙයක් නෑ. මේ තරුණයෝ සංවිධානය වෙන එක, ගෑස් පෝලිමේ සංවිධානය වෙන්න පුළුවන්. හදාගන්න පෝලිමේ සංවිධානය වෙන්න පුළුවන්. නමුත් මේ උගත් තරුණයන්ගේ අනාගතයත් එක්ක මේ ආණ්ඩුව සෙල්ලම් කරන්න එපා. මේ රජයේ විශ්ව විද් යාල පද්ධතිය ඇතුළු මේ විශ්ව විද් යාල පද්ධතිය විවෘත කරන්න කියලා අපි මේ වෙලේ මේ ආණ්ඩුවට දැඩිව අභියෝගයක් විදිහට බාර දෙන්න කැමතියි. මොකද එහෙම නොකළොත් ඔවුන් මේ නැති කරලා දාන්නේ මේ උගත් තරුණ පරම්පරාවගේ අනාගතය කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.”

එමෙන්ම රාජපක්ෂ පාලනය කැමති නූගත් තරුණ පරපුරක් බිහිකිරීමට බවත් එයට හේතුව රාජපක්ෂ පුතුන් නූගතුන් වීමත් ඔවුන්ට ඉහලින් රටේ තරුණ පරපුර නොයා යුතුය යන මානසික ව්‍යාධියකින් පෙලීම නිසා බවත් 43 සේනාංක තරුණ අංශයේ කැඳවුම්කරු පවසා සිටි.

“මේ රටේ ගත්තම ඉහළම ඉන්න මේ කියන රාජපක්ෂ පවුලට උනත් අධ්‍යාපන සුදුසුකම් තියෙන පවුලක් නෙමෙයි. ඔවුන් කැමති නෑ මේ රටේ උගත් පරම්පරාවක් බිහිවෙනවට. අන්න ඒකයි මේ විශ්ව විද්‍යාල පද්ධතිය අද වහලා ඔවුන්ව මේ ඔන්ලයින් ක්‍රමයට කොටු කරලා ඔවුන්ගේ දැනුම සීමා කරලා මේ ශිෂ්‍ය ප්‍රජාවගේ අනාගතය නැති කරන්න උත්සාහ කරන්නේ”

මෙම මාධ්‍ය හමුව සඳහා අදහස් දැක්වීමට 43 සේනාංකය ගම්පහ දිස්ත්‍රික් තරුණ සම්බන්ධීකාරක දශික මුදලිගේ සහභගි විය.

එහිදී අදහස් දැක්වූ දශික මුදලිගේ මහතා පවසා සිටියේ මේ වනවිට පාලකයන්ට අවශ්‍යව ඇත්තේ විශ්ව විද්‍යාල ආරම්භ නොකර අධ්‍යාපන කාලය දීර්ඝ කර උගතුන් බිහිවීමේ ප්‍රමාණය අවම කිරීමට බවයි.

“ඇත්තටම අද තියෙන තත්වය ගත්තහම මේ රටේ විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් තියෙන්නේ ඉතාම පිළිකුල් සහගත තත්වයක්. මොකද ඇත්තටම විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මේ වෙනකොට මේ රජයට නැහැ.විශ්ව විද්‍යාල ඇත්තටම පටන් ගන්නත් බලාපොරොත්තුවක් නැහැ. දැන් අපි දන්නවා විශ්ව විද්‍යාල  මේ වෙනකොට වසර තුනක කාලයක් අධ්‍යාපනය හදාරනවා.මේ විදියට විශ්ව විද්‍යාල වසා තැබීමෙන් මං හිතන්නේ අවුරුදු හතරෙන් එළියට එන්න තියෙනවා නම් අවුරුදු හයක් හතක් දක්වා සමහර වෙලාවට උපාධිය ඇදිලා යන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා.

එතකොට මේ රජය මේ සෙල්ලම් කරන්නේ මේ ශිෂ්‍යන්ගේ තරුණ ජීවිතත් එක්ක. අන්න ඒකයි අපිට තියෙන කණගාටුව.”

එමෙන්ම මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා නිදහස් අධ්‍යාපනය දියුණු කරන බවට දුන් පොරොන්දු බොරුවක් වී ඇති බවද ඒ මහතා පවසයි.

“මේ ආණ්ඩුව සියලුම දෙනාට විශ්ව විද්‍යාල වරම් දෙනවයි කියලා ආපු මේ ආණ්ඩුව අනේ තියෙන විශ්ව විද්‍යාල වරමුත් අද නැති කරලා දාලා තියෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති කරලා දාලා තියෙනවා. දැන් අපි ඉල්ලීමක් කරනවා. මේ රටේ වගකිවයුත්තන්ගෙන් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන්, මොකද අපි දැක්කා ජනාධිපතිවරයා මැතිවරණෙට එනකොට කියපු කතා. එතකොට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සියලුම දෙනාට ලබා දෙනවා කියලා කිව්වා. අපොස උසස් පෙළ සමත්. අසමත්, අපොස සාමාන් ය පෙළ තියෙන අයටත්, තාක්ෂණික විශ්ව විද්‍යාල ලබලා දෙනවා කියලා තමයි එතුමාගේ මේ ප්‍රතිපත්ති මාලාවේ තිබ්බේ. ඉතින් කියන්න කණගාටුයි. තියෙන විශ්ව විද්‍යාලයවත් අද ඇරගන්න බැරි එතුමාට පත්වෙලා තියෙන්නේ. මොකද එතුමාට කිසිම කළමනාකාරිත්වයේ හැකියාවක් නෑ. එතුමාට හැකියාවකුත් නෑ,මේ පත්වෙලා තියෙන කැබිනට් මණ්ඩලයට කිසිම හැකියාවකුත් නෑ කියලයි ශිෂයෝ විදිහට අපිට නම් පේන්නේ.”

– Media unit

Related posts

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

Shiran Viraj

කිංස්ලි ආව ගමන් හොද තඩි ගොම්බෙට්ටක් අතෑරියා.

Shiran Viraj

බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේ

Shiran Viraj

11 comments

홀덤사이트 May 1, 2023 at 3:50 am

… [Trackback]

[…] Read More on that Topic: hellofm.vip/2022/01/රාජපක්ෂ-පවුලේ-කිසිවෙකුට/ […]

Reply
lifetime mortgages explained May 22, 2023 at 6:53 am

Most interest-only loans are lines of credit.

Also visit my web-site :: lifetime mortgages explained

Reply
remax austin rentals May 22, 2023 at 6:53 am

A real estate attorney can help you sell your home.

My website; remax austin rentals

Reply
Bookmarks May 23, 2023 at 2:12 pm

Not all real estate investors are on social media.

Also visit my web blog – Bookmarks

Reply
Bookmarks June 17, 2023 at 1:38 pm

Hi there, just wanted to say, I loved this post.
It was funny. Keep on posting!

Here is my web-site :: Bookmarks

Reply
electricity company comparison June 19, 2023 at 7:27 pm

Simply put, solar energy is energy from the
sun.

Here is my homepage: electricity company comparison

Reply
불면증 피아노 October 8, 2023 at 9:55 pm

불면증 피아노

Reply
5 เกมคาสิโนยอดนิยบนค่าย Cherry Gaming November 23, 2023 at 5:15 am

… [Trackback]

[…] Here you will find 58223 more Information to that Topic: hellofm.vip/2022/01/රාජපක්ෂ-පවුලේ-කිසිවෙකුට/ […]

Reply
spa music December 4, 2023 at 3:29 am

spa music

Reply
บาคาร่า lsm99 December 9, 2023 at 8:02 am

… [Trackback]

[…] Find More Info here to that Topic: hellofm.vip/2022/01/රාජපක්ෂ-පවුලේ-කිසිවෙකුට/ […]

Reply
สล็อตเว็บตรง December 11, 2023 at 5:54 am

… [Trackback]

[…] There you will find 28511 additional Information on that Topic: hellofm.vip/2022/01/රාජපක්ෂ-පවුලේ-කිසිවෙකුට/ […]

Reply

Leave a Comment