27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

රටේ සාගතයක් ඇති වෙනතුරු බලා ඉන්නවා…

‘වල් නාශක – කෘමිනාශක නැතුව දකුණේ හම්බන්තොට – මාතර කුඹුරු විනාශයෙන් විනාශයට පත් වෙනවා. දැන් අස්වැන්න නෙලන නැගෙනහිර අක්කරේපත්තු කුඹුරුවල වී ඇස්වැන්න 50%කින් පහත වැටිලා. පොහොර නැතිකම නිසා ගොවිතැනට සිද්ධ වෙච්ච විනාශයට වැඩි පාඩුවක් වල් නාශක හා කෘමිනාශක නැතිකම නිසා සිද්ධ වෙන බව මේ ආණ්ඩුවට තේරෙන්නේ නෑ’ යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

රත්තොට පැවති උත්සවයක් අමතමින් කවිරත්න මන්ත්‍රීවරිය මෙසේද පැවසීය.

‘‘කෘෂි රසායන ගෙන්වන්න කැබිනට් ඇනුමැතිය ලැබුණා. මුදල් ඇමති තහනම ඉවත් කරලා ගැසට් එක වෙනස් කරලා කෘෂි රසායන ගෙන්වන්න අවසර දීලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මේ තීරණය ක්‍රියාත්මක කරන්නේ නැතුව සාගතයක් ඇති වෙනකල් බලාගෙන ඉන්නවා. අශුචි පොහොර – නැනෝ පොහොර වගේ ජාවාරමක් කර ගන්න බැරි වුණ නිසා කෘෂි නිලධාරීන් ගොවිතැන විනාශ වෙනකල් කෘෂි රසායන ගෙන්වන්නේ නෑ.

මේ ආණ්ඩුව ගන්න කිසිම තීරණයක් නිසි වෙලාවට ක්‍රියාත්මක කරන්නේ නෑ. කෘෂි රසායන ආයනය තහනම අයින් කරලා දැන් මාස දෙකකට කිට්ටුයි. හැබැයි තවම ආණ්ඩුව වල් නාශක – කෘමිනාශක රටට ගෙන්වන්නේ නෑ. මහ කන්නයේ අස්වැන්න විනාශ වෙන්නේ වල් නාශක නැතිනිසා, කෘමිනාශක නැති නිසා කියලා තවම කෘෂිකර්ම ලොක්කන්නට තේරිලා නෑ. නැගෙනහිර පලාතේ ලස්සනට තියෙන කුඹුරුවලත් අස්වැන්න අඩුයි. මොකද, කොළ පාටට තිබුණාට ඒ ගොයම් ගස් නෙවෙයි වල්පැල.

ගොයම් ගහට වැඩිය වේගයෙන් වල් ගස් හැදෙනවා. අතින් වල් ගලවලා ඉවර කරන්න බෑ. කෘමිනාශක යොදා නොගත්තොත් වානිජ්‍ය වගාවක් කරන්නම බෑ. දැන් කැලෑවේ තියෙන කොහොඹ ගස්ටික කපලා කොළ අඹරලා කුඹුරට ගහලා ඉවරයි. කිරිවදින කුඹුරු දැන් කෘමින් විනාශ කරනවා.

අශුචි පොහොර ගෙන්න විදයම් කරපු මුදලෙන් භාගයක් තිබුණා නම් රටට ඕනි වල් නාශක, කෘමිනාශක ටික ගෙන්නලා වගාව රැක ගන්න තිබුණා. මේ කන්නය දැන් විනාශ වෙලා ඉවරයි. පෙබරවාරි වෙනකොට ගොවියෝ සිංහල අලුත් අවුරුද්දට කන්න හෙන් ගොවිතැන, එළවළු පළතුරු වගාව කරනවා. කෘෂි රසායන නැතිනම් අලුත් අවුරුද්දට ලෙවකන්නවත් ලැබෙන්නේ නෑ.

රටේම එළවළු පළතුරු හිඟයක් ඇතිවුනේ දිලීර නාශක, කෘමි නාශක නැතිනිසා සිද්ධ වෙච්ච හානිය නිසයි. කෘමි හානිය, දිලීර හානිය නිසා ගස්වල හැදෙන ගෙඩිය ගස් යට වැටිලා කුණුවෙලා යනවා. මේ රත්තරං පොළොවේ ගහේ හැදෙන ගෙඩිය රැකගන්න බැරි වුණේ අමන තීන්දු තීරණ නිසයි.

පොහොර නැති නිසා අස්වැන්න අඩුවෙන කතාව හැමෝම දන්නවා. හැබැයි පොහොර ඇතුව හරි නැතුව හරි හැදෙන ගෙඩිය කෘමි හානියෙන්, දිලීර හානියෙන් බේරාගන්න කෘෂි රසායන ඕනි. කෘෂි රසායන ගෙන්වන්න අවසර දුන්නත් ඒ තීරණය ක්‍රියාත්මක කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් වලක්වා තියෙනවා.

– media unit

Related posts

රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..

Maimoonar

ඉල්ලා අස්වීමක් ජනපති පිලි නොගනී..

Maimoonar

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය බේරාගන්නා එකම නායකයා ජනපතියි..- සංඝ රත්නය ජනපතිට කියති..

Maimoonar