27.8 C
Colombo
February 26, 2026
Local NewsNews

මාළු මිල ඉහලට…

හැටන් නගරයේ මත්ස්‍ය අලෙවි වෙලදසැල් වල මාළු මිල එකවරම ඉහල යාම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

එලවළු මිල ඉහල  යාම හමුවේ හැටන් ඇතුළු වතු ආශ්‍රිත ජනතාව මාළු පරිභෝජනය වැඩි වශයෙන් සිදු කල අතර , එකවරම මාළු මිල ඉහල යැම හේතුවෙන් එම පාරිභෝගිකයන් මේ වන විට දැඩි අසිරුතාවයට පත් වි ඇත.

හැටන් නගරයේ මත්ස්‍ය අලෙවි වෙලදසැල් වල කෙලවල්ලා කිලෝවක් රු 1600 , තොරු රු 1200 , කොප්පරා රු 2200 , පරොව් රු 1000 , කුම්බලාවෝ රු 800 , වන්න පරව් රු 700 , මොරැල්ලෝ රු 580 , හබරලි රු 800 , බලයා රු 700 , පොඩි දැල්ලෝ රු 1200 , ඉස්සෝ රු 1400 , ලින්නා රු 600 ,පියා මැස්සෝ රු 580 , සාලයෝ රු 300 , සුරා පරව් රු 600 ,පන්නාවෝ රු 700 යන මිලකට මේ දිනවල අලෙවි කරනු ලබයි.

එම මත්ස්‍ය වෙලෙන්දන්ගේ අප කල විමසුමකට එම වෙලදුන් කියා සිටියේ මේ දිනවල මාළු සදහා විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් මාළු හිගයක් පැවතිම මිල ඉහල යාමට හේතුව වි ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Maimoonar

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

Maimoonar

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Maimoonar

5 comments

Comments are closed.