February 12, 2026
Local NewsNews

ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…

දිවයිනේ දැනට පවතින අධික වියලි කාලගුණික තත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හි සහ ප්‍රධාන ජලාශයන්හි ජල මට්ටම් පහල බැස ඇති අතර ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහල මට්ටමක පවතී. මේ හේතුව නිසා පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් මේ අවස්ථාවේදී ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චියට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඉංජිනේරු තිළිණ එස්. විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ,

මෙම අවස්ථාවේ පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සියලු දෙනාටම සමසේ බෙදා හැරිය යුතු හෙයින් වාහන සේදීම, ගෙවතු වගාව සහ බෝග වගාවන් ඇතුලු අත්‍යාවශ්‍ය නොවන කටයුතු වලට මෙම පිරිපහදු කරන ලද පානීය ජලය භාවිතා නොකරන ලෙසයි. බීමට සහ ඉවුම් පිවුම් කටයුතු වලට පමනක් භාවිතා කරන මෙන් මෙම නිවේදනය මඟින් කාරුණික ඉල්ලීමක් කර ඇත.

මෙම තත්වය මත පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපූරාලීමේදී උස් බිම් ප්‍රදේශවලට සහ සමහර ප්‍රදේශයන්හි ජල පාරිභෝගියන් වෙත ජලය බෙදාහැරිමෙදී අඩු පීඩන තත්වයන් උද්ගතවිය හැකිය.

කෙසේ වුවත් මෙම වියලි අයහපත් කාළගුණික තත්වය නිසා ජනතාවට මුහුන දීමට සිදුවී තිබෙන දුෂ්කර තාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණකාටුව ප්‍රකාශ කර සිටින අතර මෙම අවස්ථාවේ පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද පාරිභෝගික ජනතාවගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර
අධ්‍යක්ෂ මාධ්‍ය

Related posts

කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..

Maimoonar

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සඳහා රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි

Maimoonar

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Maimoonar

17 comments

Comments are closed.