Local NewsNews

කොරෝනා මැද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300ක් නිම කලා…

‘පසුගිය වසර දෙක තුළ නාගරික මහල් නිවාස ඉදිකිරීමේ විශාල ප‍්‍රගතියක් අප පෙන්වා තිබෙනවා’ යයි නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ සතුටින් ජීවත්වන පවුලක් යන සංකල්පය යටතේ අපි විශේෂයෙන්ම අවධානය යොමුකළ ක්ෂෙත‍්‍රයක් තමයි නිවාස. අද නාගරික නිවාස, ග‍්‍රාමීය නිවාස හා වතු නිවාස යන ක්ෂෙත‍්‍රවල වෙන වෙනම රාජ්‍ය අමාත්‍යාංශ තුනක් යටතේ විශාල වැඩ කොටසක් කෙරෙමින් පවතිනවා.

මේ අතරින් නාගරික මහල් නිවාස සංවර්ධනය මගේ යටතේ තිබෙන නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අයත් විෂයක්. අපි ඉදිකරන නිවාස ප‍්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒ අඩු ආදායම්ලාභීන් සඳහා වූ නිවාස හා මැදි ආදායම්ලාභීන් සඳහා වූ නිවාස වශයෙන්. අප විසින් 2020 වසර ආරම්භයේ සිට මේ දක්වා අඩු ආදායම්ලාභී නිවාස 543 ක වැඩ අවසන් කොට අදාල ප‍්‍රතිලාභීන්ට බාර දී තිබෙනවා. තවත් නිවාස 7246 මේ වන විට ඉදිවෙමින් පවතිනවා. මැදි ආදායම්ලාභීන් සඳහා කොළඹ, ගම්පහ, නුවර සහ අනුරාධපුර දිස්ත‍්‍රික්ක ආවරණය කරමින් මහල් නිවාස 2795 ක ඉදිකිරීම් මේ වන විට සිදු වෙමින් පවතිනවා.

අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන තවත් ආයතනයක් වන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දෙවසර තුළ පහළ මැදි ආදායම්ලාභී නිවාස 470 ක වැඩ අවසන් කොට භාර දුන්නා. මැදි ආදායම්ලාභීන් සඳහා තවත් නිවාස 408 ක වැඩ ආරම්භ කොට තිබෙනවා.

මෙතනින් එහාට නිවාස ඉදිකිරීම් ව්‍යාප්ත කිරීම සඳහා අපි මූලිකවම යොදා ගන්නට බලාපොරොත්තු වන ආකෘතිය වන්නේ රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ආයෝජනයි. මෙහිදී රජයේ ආයෝජනය ලෙස ඉඩම ලබාදෙන අතර නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය කරන මූලික ප‍්‍රාග්ධනය යොදවා ඒවා ඉදිකිරීම පෞද්ගලික අංශ විසින් කරනු ලබනවා.

මේ ආකෘතිය යටතේ පළමු ව්‍යාපෘතිය ලෙස නිවාස 408 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් අපි වැලිසර ආරම්භ කළා. මීට අමතරව රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවයෙන් යුත් (Private Public Partnership ව්‍යාපෘති ලෙස කොළඹ, ගම්පහ, නුවර, කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල මැදි ආදායම්ලාභීන් සඳහා මහල් නිවාස 5000 කට වඩා ඉදිකිරීම් ආරම්භ කිරීමට අපි සැලසුම් කොට තිබෙනවා.

2021-2022 කාලය තුළ කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300 ක් වැඩ නිම කිරීමට හැකිවුණා. ඒ වගේම දැයක් නගන සියක් නගර වැඩසටහන යටතේ කි‍්‍රයාත්මක නගර 100 ක සංවර්ධන වැඩ සටහන් ලබන මාර්තු මස අවසන් කිරීමට නියමිතයි’’ යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

Related posts

විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

Maimoonar

පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමි

Maimoonar

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Maimoonar

6 comments

Comments are closed.