February 12, 2026
Local NewsNews

Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..

තම ගෑස් සමාගමේ ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50 ලෙස ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි දැනගන්නට බව ලිට්‍රෝ ගෑස් සමාගම අද විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

නමුත් එම පර්යේෂණ වාර්තාව පිළිනොගන්නා බවත් තමන් වසර ගණනාවක් තිස්සේ සිට පරීක්ෂණ කරන යුරෝපා පරීක්ෂණාගාරයේ වාර්තා පිළිගන්නා බවත් ඔවුන් කියා සිටියහ.

ඒ අනුව නැවත වතාවක් තුන්වැනි පාර්ශ්වයක් හරහා පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවද ඔවුන් කියා සිටියහ.

කෙසේ වෙතත් ගෑස් පුපුරා යාමකට වඩා වැදගත් කාරණය වන්නේ මෙම ගෑස් සංයුතිය නොව සිලින්ඩරයේ පීඩනය බවත් පැවසූ ඔවුන් දැනට කිසිදු සිලින්ඩරයක පුපුරා යන තරම් පීඩනයක් නොමැති බවත් පැවසූය.

දැනට සිදුවී ඇති සිද්ධි සියල්ලේම කිසිදු ගෑස් සිලින්ඩරයක් පුපුරා ගොස් නැති බවත් ඒ හා සම්බන්ධ උපකරණ ඉතා අබලන් හෝ පරණ ඒවා පමණක් පුපුරා ගොස් ඇති බව නිරීක්ෂණය වූ බවත් ඔවුන් සඳහන් කළහ.

ඇතැය් සමාජ මධ්‍ය කරුවන් තම පිවිසුම් වැඩි කර ගැනීම සදහා සංස්කරණය කරන බව විවිධ දර්ශණ සමාජ ජාලා වෙත එක් කිරීම මත පාරිභෝගිකයන් දැඩි සේ කලබල වි ඇති බවත් එහිදී තව දුරටත් කියා සිටියහ.

Related posts

එලවළු මිල ඉහලට… වාසිය අතරමැදියන්ට..

Maimoonar

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Maimoonar

අනුරුද්ද පාදෙණිය GMOA සභාපති ධුරයෙන් ඉවතට..

Maimoonar

311 comments

Comments are closed.