January 8, 2026
BusinessBusiness NewsNews

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ.

කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා මේ බව කියා සිටියි.

ඉදිරියේදී වරාය නගර පරිශ්‍රය සිදුකරන විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම මුදල් ඒකක ඇතුලත් කිරීමට කටයුතු කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

ඒ අනුව ඇමරිකානු ඩොලර් ඇතුළු විදේශ මුදල් ඒකක ද ඩිජිටල් මුදල් ඒකක ද මෙහි භාවිතය සඳහා අවසර ලබාදීමට සැලසුම් කර ඇත.

මේ අතර ක‍්‍රිප්ටොකරන්සි මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනාවක් ද අනුමත වී ඇති අතර ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.

Related posts

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

Maimoonar

මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..

Maimoonar

ඇගළුම් කම්හලකින් ඩෙල්ටා මතුවේ.. සෞඛ්‍ය අංශ තිගැස්සී යයි..

Maimoonar

275 comments

Comments are closed.