Local News News

‘රට වසා දමන්නේ නෑ..’ – ඇමති ප‍්‍රසන්න BBC ට කියයි..

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු Rahool sood හා දකුණු ආසියාවේ අලෙවි අධ්‍යක්ෂක Vishal Bhatnagar යන මහත්වරු සිය අමාත්‍යාංශයේ දි හමු වු අවස්ථාවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

බිබිසි ආයතනයේ නියෝජිතයන්ගෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි විමසා සිටියේ කටුනායක ගුවන්තොටුපළ පිළිබද ඔබේ ආකල්පය කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් රාහුල් සුඩ් මහතා කීවේ ප්‍රමාදයකින් තොරව ගුවන්තොටුපළේ කටයුතු සිදු වු බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට රට පීළිබද පළමු හැගිම ඇතිවන ස්ථානය ගුවන්තොටුපළ බැවින් එහි කටයුතු කාර්යක්ෂම ව සිදුවිම ඉතා වැදගත් බව ද ඔහු කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක බවයි. 2023 වන විට එය අවසන් කිරිමට අපේක්ෂා කරන බවත් එවිට වාර්ෂිකව ගුවන් මගින් මිලියන 15 ක් හැසිරවිය හැකි පරිදි පහසුකම් සැලසෙන බවත් ඇමතිවරයා කීවේය.

ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකයේ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ බිබිසි නියෝජිතයන් ඒ සදහා සිය සහාය පළ කිරිමට ද එකගතාවය පළ කළහ.

– ප්‍රදීප් අනුර කුමාර

Related posts

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි

Shiran Viraj

මං ජනාධිපති වීම ෂුවර්.. රනිල් සමග එක් වෙන්නේම නෑ..- සජිත්

Shiran Viraj

කාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්

Shiran Viraj

2 comments

night city jazz October 9, 2023 at 11:48 pm

night city jazz

Reply
piano relaxing music November 7, 2023 at 4:30 am

piano relaxing music

Reply

Leave a Comment