February 26, 2026
BusinessBusiness NewsNews

සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබේ.

එහි නිල දත්ත සටහන් කරුවා සඳහන් කරන්නේ සම්බා සහල් කිලෝ තොග මිල රුපියල් 155 දක්වාත්, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 135 දක්වා වැඩිවී ඇති බවයි.

සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල ද රුපියල් 125 දක්වා වැඩි වී ඇති බව ඔහු පැවසීය.

සහල් කිලෝවක් කීයක් වූ අඩුවෙන් අලෙවි කිරීමට සංගමය උත්සාහ කළ ද පවතින මිල හමුවේ එය කළ නොහැකි බව මරදගහමුල සහල් වෙළෙඳ සංගමයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති රංජිත් කරුණාතිලක මහතා පැවසීය.

අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් සීයකට ද, නාඩු වී කිලෝවක් රුපියල් අසූවකට අලෙවි වන තත්ත්වයක් තිබියදී සහල් මිල අඩු කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.

Related posts

කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

Maimoonar

කොරෝනා තවත් ඉහල නගී..

Maimoonar

පොලීසිය ෂාෆ්ටර් ඝාතකයාට ලං වෙමින්.. ලේ තැවරුණු රෙදි, නියපොතු හමුවෙයි.. පරීක්‍ෂණ අරඹයි..

Maimoonar

1 comment

Comments are closed.