Business Business News News

රටේ ඩොලර් නෑ.. බඩු ගේන්න විදිහක් නෑ.. බඩු මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න බෑ..

ලබන වසර තුරුද අපට ලෝක අර්බුදයට මුහුණ පාන්න සිදු වනු ඇති බවත් භාණ්ඩ මිල වේගයෙන් ගෙන යාම නවත්තන්න හැකියාවක් නැති බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න අනතුර මහතා සඳහන් කරයි.

අය-වැය විවාදයේ දී අදහස් පළකරමින් ඔහු සඳහන් මෙසේ පැවසීය.

රටේ ජාතික ආරක්ෂාව විනාශ කරපු රට විනාශ කරපු ආණ්ඩුවක් පරාජය කිරිම සදහා මේ රටේ ජනතාව පෙළ ගැසුණේ මීට වසර දෙකකට පෙරයි. එදා ගෝඨාභය  රාජපක්ෂ මැතිතුමාව ජනාධිපතිවරයා ලෙස පත්කරන්න පෙළ ගැසුණු අපේ රටේ ලක්ෂ 69 ක් වු ජනතාවට ආචාර කරන ගමන් අපි ඔවුන්ට එක දෙයක් කියන්න කැමතියි. මහින්ද –  ගෝඨාභය සුසංයෝගයෙන් සැදි මේ ආණ්ඩුව ඔබ එදා අප කෙරෙහි තැබු විශ්වාසය කඩ කරන්නේ නෑ කියන පණිවිඩය අපි මේ අවස්තාවේදී මුලින්ම දෙන්න ඕනේ.පසුගිය වසර දෙක තුළ අපට කටයුතු කරන්න සිදු වුණේ ගෝලිය කොවිඩ් වසංගතයක් සමගයි. ඒ නිසා අපේ රටේ විතරක් නෙමෙයි මුළු ආර්ථිකයම කඩා වැටිලා. ලෝකයේ ම ජනතාව පීඩාවට පත්වෙලා. නමුත් ඔබ අප කෙරෙහි තැබු විශ්වාසය අබමල් රේණුවකින් හෝ පළුදු නොකරන බවට ආණ්ඩුව සහතික වෙන්න කැමතියි.

අද අපි මේ විවාද කරන්නේ අපේ ආණ්ඩුවේ දෙවන අයවැය ගැනයි. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිතුමා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මංගල අයවැය. ලෝක ආර්ථික තත්ත්වය අනුව කිසිදු රටකට මේ වෙලාවේ ජනතාවට විශේෂ සහන ලබාදෙන්න බෑ. ලෝකයේ බලවත් රටවල් පවා සහන හැකිතාක් කපා හරිමින් ආර්ථිකය පවත්වාගෙන යන්න කටයුතු කරන වේලාවක් මේක. ලෝක බැංකුව සිය අලුත්ම වාර්තා වලින් පෙන්වා දෙන ආකාරයට ලබන වසර තුළ ද අපට මේ ලෝක අර්බුදයට මුහුණ පාන්න සිද්ධවෙනවා. භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යාම නවත්තන්න හැකිවෙන්නේ නෑ. අද රටේ භාණ්ඩ මිල වැඩියි. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේකට පැලැස්තර දැමීමෙන් පලක් වෙන්නෙ නැහැ.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

භාණ්ඩ මිල අඩුවෙන්න නම් භාණ්ඩ සුලබ වෙන්න ඕනේ. ඒක සරල ආර්ථික රීතියක්. ඒක නිසා මුදල් ඇමතිතුමා මෙවර අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම සදහා මූලික අවධානයක් යොමු කර තිබෙනවා. මේ අයවැය මා දකින්නේ පවතින කොවිඩ් වසංගතය තුළ බිද වැටි ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම සදහා පදනම සැකසූ අයවැයක් ලෙසයි.

කොවිඩ් වසංගතය නිසා බිද වැටුණු ලෝක ආර්ථිකය ගොඩ ගැනීම සදහා ලෝකයේ බොහෝ රටවල්  වල අවධානය යොමු වි ඇත්තේ සංචාරක ව්‍යාපාරයටයි. වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්වූ ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ ද සංචාරක ව්‍යාපාරයයි. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයට අනුව කොවිඩ් වසංගතය නිසා ලෝකයේ අපනයන ආදායමෙන් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.3 ක හා සෘජු සංචාරක දළ දේශීය නිෂ්පාදිතයෙන් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙකකට වැඩි පාඩුවක් ලෝක ආර්ථිකයට සිදු ව තිබෙනවා. එමගින් ලෝකයේ රැකියා මිලියන 100 කට අධික සංඛ්‍යාවක් අවධානමකට ලක්ව තිබෙන බවයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔවුන් පවසන්නේ.

එසේ නම් අද මිලියන 03 ක් වගේ සංචාරක ක්ෂේත්‍රයට සෘජුව හා වක්‍රව  සම්බන්ධ සියලු ම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පුද්ගලයන් අද විශාල අභියෝගයකට මුහුණ දෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයත් කොවිඩ් වසංගත නිසා සම්පූර්ණයෙන් ම කඩා වැටුණා. සංචාරක කර්මාන්තය කියන්නේ  100%ක්ම පෞද්ගලික අංශය මගින් මෙහෙයවන කර්මාන්තයක්. රජය සිදු කරන්නේ එය නියාමනය කිරිමක් පමණයි. ලක්ෂ 30 කට ආසන්න පිරිසක් මේ රටේ සංචාරක ව්‍යාපාරයෙන් යැපෙනවා. කොවිඩ් වංසගතය නිසා ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වුණා. කොටි ත්‍රස්තවාදීන්ගේ යුද්ධය හේතුවෙන් වාර්ෂිකව ලක්ෂ 04 කට 05කට පමණ සීමා වී තිබු සංචාරකයන්ගේ පැමිණීම යුද්ධයෙන් පසු ලක්ෂ 23 දක්වා වැඩි වුණා. වැඩිම සංචාරක පිරිසක් ලංකාවට පැමිණි 2018 වසරේ දි සංචාරක ක්ෂේත්‍ර යෙන් ලැබු ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 05 කට කිට්ටුයි. ඒ සම්පූර්ණ ආදායම කොවිඩ් නිසා අපට අහිමි වුණා. 2018 වසරේ දි සංචාරක ක්ෂේත්‍රය වාර්තාගත ආදායමක් ලබා ගත්තේ 2009 යුද්ධය අවසන් වීමෙන් පස්සේ එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස වර්තමාන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල නිසා බව සංචාරක ක්ෂේත්‍ර යේ ප්‍රවීණයන් නිරන්තරයෙන් පවසන දෙයක්. සංචාරක ක්ෂේත්‍ර යේ ස්වර්නමය යුගය ලෙස හදුන්වන්නේත් ඒ කාලයයි.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

කොවිඩ නිසා පීඩාවට පත් වෙච්ච සංචාරක ක්ෂේත්‍ර යේ නිරත වුවන් රැක ගැනීමට රජයක් ලෙස අපි විවිධ පියවර ගත්තා. මහ බැංකු වාර්තා අනුව සංචාරක ව්‍යාපාරයේ නිරත වුවන් රුපියල් ට්‍රිලියන 365 ක ණය ලබාගෙන තිබෙනවා. අපි මේ ණය ගෙවිම සදහා සහන කාලයක් ලබා දුන්නා. ලීසිං ලබා ගත් අයට ඒවා ගෙවීම සදහාත් සහන කාලයක් ලබා දුන්නා. මහ බැංකුව විසින් මුල්‍ය ආයතන මගින් එලෙස ලබාගත් සංචාරක ක්ෂේත්‍ර යේ ණය හා ලීසිං පහසුකම් ගෙවිම සදහා ලබාදි තිබෙන සහනය ලබන වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කර තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක සේවා සපයන්නන් සදහා විදුලි හා ජල බිල්පත් ගෙවීමට ලබා දි ඇති සහන කාලය පසුගිය මාසයෙන් අවසන් වුණත් එය දීර්ඝ කරන ලෙස අදාළ අමාත්‍යාංශ වලින් අපි ඉල්ලා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක මාර්ගෝපදේශකයන් 2050 දෙනෙක් සදහා රුපියල් 20,000 බැගින් දීමනාවක් ගෙව්වා. ඒ සදහා වැය කෙරුණු මුදල රැපියල් මිලියන 41ක්. ලියාපදිංචි සංචාරක රියදුරන් වෙනුවෙනුත් රැපියල් 15,000 බැගින් මුදලක් ගෙවුවා. ඒ අනුව රියදුරන් 2156 කට රැපියල් මිලියන 32.34 ක් ගෙවලා තියෙනවා. පළාත් සංචාරක මාර්ගෝපදේශකයන් 511 කටත් රුපියල් 15,000 බැගින් අපි ගෙවුවා. මේ මුදල් අපි ගෙවුවේ සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුදල් වලින්. මේ ගෙවිම සිදු කළේ රජය විසින් අවස්ථා දෙකක දි ගෙවනු ලැබු රුපියල් 5000 ක දිමනාවට අමතරවයි. සංචාරක සේවා සපයන ආයතන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචියේදි ද ඒ සදහා අය කරනු ලබන ගාස්තුව අපි ඉවත් කර තිබෙනවා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

අපි මේ මොන සහන ලබාදුන්නත් සංචාරක ව්‍යාපාරාය නගා සිටුවන්න නම් රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. සංචාරක ක්ෂේත්‍ර ය තුළ අපි පැළැස්තර දාලා මේ සංචාරක ව්‍යාපාරය ගොඩගන්න බෑ. 2009න් පස්සේ ඇති අත්දැකීම් උපයෝගි කරගන්න ඕනේ. යුද්ධය අවසන් වුණාට පස්සේ තමයි මම මුලින් කිව්වා වගේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවුණේ. එහෙම නම් මේ අභියෝගය අපි ජයග්‍රහණය කරන්න අද මේ වෙනකොට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන යනවා .

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

ඒ සදහා අවශ්‍ය කරන සංචාරක ක්ෂේත්‍ර යේ විතරක් නෙමෙයි මේ වෙනකොට මුළු රටේම ජනතාවගෙන් 80%කට වැඩි ප්‍රමාණයකට අපි පූර්ණ එන්නත් අපි ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. සංචාරක ක්ෂේත්‍ර යේ අයට ප්‍රමුඛතාවය දීලා මේ එන්නත් ලබාදෙන්න කියලා ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා. අද මේ රට සංචාරකයින්ට හිතවාදී රටක් ලෙස පත්කරන්න නම් මේ රටට එන අයට සෞඛ්‍ය සම්පන්න ක්‍රමවේදයන් අනුගමනයෙන් කටයුතු කරන්න වෙනවා. අපි දකිනවා පසුගිය මාස දෙකක කාල සීමාව තුල ක්‍රමානුකූලව සංචාරකයින් ලංකාවට එනවා.ඒ එන්නේ මේ රට කොවිඩ් වසංගතය වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිලිබඳව ඒ අයගේ තියෙන අවබෝධය නිසා.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය පෞද්ගලික ව්‍යවසායකයින් විසින් මේක ගොඩනැගුවා මිසක් මේ රටේ ක්‍රමානුකූල වැඩපිලිවෙලක් හැදුන්නෑ.මීට පෙර ග්ලෝබල් ප්‍ර මෝෂන් එකක් කලේ රටගානේ ඩෙස්ටිනේෂන් ප්‍ර මෝෂන් එකක් කලේ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා සංචාරක ඇමතිවරයා විදිහට ඉද්දි. එයින් පස්සේ පලවෙනි  අවස්ථාවට අපි මේ වෙනකොට ඒ සදහා වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. ‍මහ බැංකු හොරකම් කරපු මිනිස්සු අද කථා කරපු දේවල් ගැන අපි පුදුම වෙනවා.මහ බැංකුව හොරකම් කරනකොට ඒවායින් මුදල් ලබාගත්තු මිනිස්සු අද බෝධිසත්වයින් වගේ වගේ කථා කරන්නේ. මම දැක්කා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මම කනගාටු වෙනවා නම කියලා කථා කරන්න වුන එක ගැන.එදා ගෝඨාභය  සර් ෆේල් කියපු හරීන් අද එතුමාට වෙන චෝදනාවක් කරනවා. මේ රටේ ජනතාව හැටනම ලක්ෂයක් ජනාධිපතිතුමාට ඡන්දය දුන්නේ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියලයි. හරීන් ගැන අහන්න ඕනේ රටේ ජනතාවගෙන් නෙමෙයි. සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් ගියා හරීන් ඔයාට බෑනේ. ඔයාගේ පොඩියිනේ, ඔයා දුර්වලයි නේ කියලා. තමන් ගැන තමන් එක්ක ඉන්න ගෑනු කියන කථා අහගෙන හරි එතුමා තමන් ගැන ඉගෙනගන්න ඕනේ.

පසුගිය දවස් වල විපක්ෂ උදවිය මහලොකුවට කථා කලා සංචාරක ක්ෂේත්‍ර යේ අයට සහන දෙන්න කියලා.කොවිඩ් වසංගතය වැඩිකරන්න රැස්වීම් තියලා උද්ඝෝෂන තියලා දැන් කථා කරනවා සංචාරක ක්ෂේත්‍ර යේ අයට සහන දෙන්න.මනෝ ගනේෂන්ට කොවිඩ් වැලඳිලා. සඡිත්ගෙන් කොවිඩ් පොකුරේ පළමු වැන්නා තමයි මනෝගනේෂන්. මේ වෙනකොට කොවිඩ් වසංගතය වැඩිවෙන්න හේතුව විපක්ෂයේ මෝඩවැඩ.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

පහුගිය ආණ්ඩුව කාලේ මේ රට විනාශ කලා. රටේ ආරක්ෂාව නැතිකලා. රටේ ජාතික ආරක්ෂාව නැති කලා. කරන්න පුළුවන් තුප්පහි වැඩ ඔක්කොම කරලා අද මේ ආන්ඩුවේ රාජ්‍ය නායකයන්ට ගහනවා.ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විපක්ෂය බයයි. ඒකයි විපක්ෂය එතුමාට ගහන්නේ. ඵල ඇති රුකට තමයි ගල් ගහන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය වට්ටන්න විපක්ෂය දන්න සෙල්ලම් ඔක්කොම දානවා. ෆෙල්  කියනවා. ෆේල් වෙලා තියෙන්නෙත් විපක්ෂය. විපක්ෂයේ ඉන්නේ ඔක්කොම පිස්සෝ.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි,

මේක අමාරු අවස්ථාවක්. රටේ ඩොලර් නෑ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්න ගන්න විදිහක් නෑ. ගත්ත ණය පියවන්න තියෙනවා. මහ බැංකු හොරකම හරහා පිටරටවල තිබුණු සල්ලි ටික ඇද්දා.ඒවා තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්ද වලට වියදම් කලේ.අද හොරු ගැන කථා කරනවා. අද විපක්ෂය කථා කරන්නේ බෝධිසත්වයෝ වගේ. අපි වගකීමෙන් කියන්නේ යුද්ධය ජයග්‍රහණය කලා වගේ මේ කොවිඩ් වසංගතයත් පාලනය කරලා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න අපි කටයුතු කරනවා.

– media unit

Related posts

ලෝක සාමය ගැන අගමැති ආර්යාව ලෝකයට කියා දෙයි…

Shiran Viraj

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj

8 comments

austin tx room for rent craigslist May 7, 2023 at 11:44 pm

Check austin tx room for rent craigslist Office Market Trends for more stats.

Reply
houses for sale by owner craigslist May 21, 2023 at 9:48 am

Get in touch with our Austin Real Estate Agents.

My blog houses for sale by owner craigslist

Reply
aviva equity release redemption statement May 21, 2023 at 9:48 am

The calculator above calculates fixed rates only.

Stop by my web page … aviva equity release redemption statement

Reply
how to become a real estate coach May 24, 2023 at 12:46 am

We visit your house 1-2 times when you sell how to become a real estate coach us.

Reply
is there an upper age limit for equity release June 12, 2023 at 8:39 am

Yes, Age Partnership has is there an upper age limit for equity release equity release calculator.

Reply
Bookmarks June 14, 2023 at 2:35 pm

Compare plans from market-leading providers.

Here is my web-site … Bookmarks

Reply
healing meditation music October 10, 2023 at 10:47 pm

healing meditation music

Reply
músicas para treinar October 14, 2023 at 3:15 pm

músicas para treinar

Reply

Leave a Comment