February 26, 2026
Local NewsNews

මනූෂට විරුද්දව SLT නඩු පවරයි.. බිලියනයක් වන්දි ඉල්ලයි..

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට එරෙහිව (01-11) කොළඹ දිසා අධිකරණයේදී නඩුවක් ගොනු කළ අතර එහිදී SLT සමාගමේ ප්‍රතිරූපයට සහ කීර්තියට හානි කරමින් පදනම් විරහිත සහ අසත්‍ය ප්‍රකාශයන් සිදු කිරීම හරහා සමාගමට සිදු වූ ගැනිය නොහැකි අලාභය සහ පාඩුව වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලීමටද සමාගම කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් SLT සමාගම පවසයි.

පසුගිය සැප්තැම්බර් 03 වැනි දින, SLT සමාගම විසින් අර්බුදයට තුඩු දුන් ජාතික ඖෂධ සහ නියාමන අධිකාරියේ (NMRA) දත්ත ගබඩා කිරීමේ වගකීම දැරූ බවට නානායක්කාර මහතා පවසා සිටි අතර SLT සමාගම සහ SLT සමාගමේ සභාපතිවරයා විසින් හිතාමතාම යටි අරමුණු සහිතව NMRA හි දත්ත විනාශ කරන ලද බවට ද චෝදනා කරන ලදී.

ඒ අනුව, SLT සමාගම විසින් නානායක්කාර මහතා විසින් කරන ලද ප්‍රකාශයන් සමාගම වෙත අනර්ථයක් සිදුකිරීමේ සහ සමාගම අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කරන ලද බවට තහවුරු කරමින් අධිකරණ ප්‍රකාශයක් ඉල්ලා සිටින ලදී.

ඉහත ප්‍රකාශය කිරීමේදී නානායක්කාර මහතා සමාගමට එරෙහිව නීතිවිරෝධීව සහ SLT සමාගමේ නීත්‍යානුකූල අයිතීන්ට පටහැනිව ක්‍රියා කර ඇති අතර එම ප්‍රකාශයන් සත්‍යවාදී බව, මහජන ප්‍රතිලාභ හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද මත පදනම්ව තහවුරු කරගැනීමට ඔහු අසමත් වී ඇති බව සමාගම පවසයි.

මෙම නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීමට පෙර, SLT සමාගම විසින් නානායක්කාර මහතා වෙත ඉල්ලීම් ලිපි දෙකක් යවා ඔහු විසින් සිදු කළ ප්‍රකාශයන් සඳහා නිවැරදි කිරීමක් ප්‍රකාශයට පත් කරන ලෙසත් ඔහුගේ විද්‍යුත් මාධ්‍ය අඩෙවි වල පළ කළ සාවද්‍ය ප්‍රකාශයන් ඉවත් කරගන්නා ලෙසත් ඉල්ලා සිටි අතර එම වකවානුව වන විට NMRA දත්ත ගබඩා කිරීමේ වගකීම SLT සමාගම සතුව නොතිබූ බවත් එය වෙනත් සමාගමක් සතුව තිබු බවටත් ප්‍රසිද්ධියට පත් විය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ සමාගම විසින් කරන ලද ප්‍රකාශය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති අතර දෙපාර්තමේන්තුව විසින් නානායක්කාර මහතාගෙන් ඒ සම්බන්ධ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

– repoter

Related posts

කොරෝනා රෝගීන් ගණන 1048 දක්වා ඉහලට

Maimoonar

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

Maimoonar

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

Maimoonar

716 comments

Comments are closed.