February 12, 2026
BusinessBusiness NewsNews

පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

හැටන් නගරයේ එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් නගරයේ කැරට් ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, මාළු මිරිස් තක්‍රිලෝව රුපියල් 440ත් 440ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 400ත් 420ත්, බෝංචි ක්‍රිලෝව රුපියල් 300ත් 320ත්, ගෝවා ක්‍රිලෝව රුපියල් 160ත් 180ත්, බිට් ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 300ත් 320ත්, නෝකොල් ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, වට්ටක්කා ක්‍රිලෝව රුපියල් 120ත් 130ත්, අමු ක්‍රිලෝව රුපියල් 350ත් 400ත්, දෙහි ක්‍රිලෝව රුපියල් 750ත් 800ත්, අතර මිලකට අලෙවි වනු ඇත.

එලවලු මිල මෙසේ ඉහල යාම පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එලවලු මිල මෙසේ ඉහල යාම පිලිබදව අදහස් දක්වන නගරයේ එලවලු වෙලදුන් පවසනුයේ රට තුල පවතින පොහොර ප්‍රශ්නය මත එලවලු වගාවන් විනාශ විමත් සමග එලවලු තොග නිසි ලෙසට වෙලද පලට නොලැබෙන බවත් මෙම තත්වයන් මත වෙලද පලට ලැබෙන එලවලු තොග මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

එලවලු මිල මෙසේ ඉහල යාමෙන් තම එලවලු වෙලදාමද දැඩි ලෙස පහල බැස ඇති බවත් එම තත්වයන් මත තමන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද ඔවුන් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Maimoonar

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Maimoonar

අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

Maimoonar

3 comments

Comments are closed.