February 12, 2026
BusinessBusiness NewsNews

උතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…

යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි එලවළු වගාවන් සිදු නොකිරීම මත උතුරේ එලවළු මිල ගණන් සීග්‍ර‍යෙන් වැඩිවී ඇතැයි උතුරේ එලවළු වෙළෙන්ඳන් පවසති.

මෙම තත්වයන් යටතේ උතුරු පලාතටද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එලවළු ප්‍රවාහනය කිරීමට සිදුවීම හේතුවෙන් එලවළු මිලගණන් මෙලෙස ඉහල ගොස් ඇත.

දිවයිනේ වෙනත් ප්‍රදේශයන්හි එලවළු මිල ගණන් ඉහල ගියද උතුරු පලාතේ එලවළු මිල මීට පෙර ඉහල නොගියේ යාපනය සහ කිලිනොච්චිය මුලතිව් දිස්ත්‍රීක්කයන්හි වලවළු වගාවන් උතුරු පලාතටම ප්‍රවාහනය කෙරෙන නිසාවෙනි.

පසුගිය දිනයන්හි පැවති පොහොර ගැටලුව, කොරෝණා අවධානම, අයහපත් කාලගුණය ආදි ගැටලු රැසක් ඇතිවීම හේතුවෙන් උතුරේ ගොවීන්ට එලවළු වගා කිරීමට නොහැකි වූ අතරම වගා කරන ලද එලවළු තොග ප්‍රවාහනය කිරීමටද අවස්ථාවක් නොමැති වීම මගින් මේ වන විට උතුරේ ගොවීන් එලවළු වගා කිරීමෙන් බොහෝ දෙනා ඉවත්වී සිටිති.

මේ හේතුවෙන් උතුරු පලාතේ දිස්ත්‍රීක්ක පහේම එලවළු මිල ගණන් සීග්‍රෙයන් ඉහල ගෝ ඇති අතර අද (18) දිනයේදී පරික්ෂා කොට බලන අවස්ථාවේදී එලවළු සිල්ලර මිල ගණන් පැවතියේ මේ අයුරිනි.

තක්කාලී කිලෝවක් රුපියල් 350, මාළුමිරිස් රුපියල් 320, කැරට් රුපියල් 340 , ලීක්ස් රුපියල් 350, වම්බටු රුපියල් 330 කට, බොංචි රුපියල් 380 ට, මාළුමිරිස් 370 කට මේ ආදි වශයෙන් සියලුම එලවළු මිල ගනන් ඉහල ගොස් ඇති බවට වෙළෙන්ඳන් පැවසූහ.

පවතින අයහපත් කාලගුණය හමුවේ එලවළු මිල ගණන් මීටත් වඩා ඉදිරයේදී ඉහල යාමේ අවධානමක්ද පවතින බව උතුරේ එලවළු වෙළෙන්දන් වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

Maimoonar

මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපති

Maimoonar

IMF මුදල් නොලැබුනොත් කරන දේ ජනපති කියයි..

Maimoonar

7 comments

Comments are closed.