February 26, 2026
BusinessBusiness NewsNews

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා කියා සිටියේ කිසියම් කණ්ඩායමක් විසින් ඉන්ධන හිඟයක් ඇතැයි කියමින් ජනතාව අපහසුතාවන්ට පත් කරන බවයි.

ඉන්ධන හිගයක් යයි බිය වී පෝලිමල සිටීමේ කිසිදු උවමනාවක් නැති බවත් රජය විසින් හිගයකින් තොරව ඉන්ධන සපයන බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන පෝලිම්වල සිටින බවත් පැවසූ අමාත්‍යවරයා තමන්ද තම රථයට ඉන්ධන ලබා ගත්තේ පෝලිමේ සිට බවත් කියා සිටියේය.

”පැහැදිලිව කියන්න ඕනේ කිසිම තෙල්වල අඩු පාඩුවක් දැනට නැහැ. අපරාධයක් මේ ජනතාව ගිහිල්ලා හදිසි වෙලාපෝලිම් වල ඉන්නේ. මමත් ගිහිල්ලා පෝලිමේ ඉඳලා තමයි තෙල් ගහගෙන ආවේ. මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් ලොකු හිඟයක් එනවා කියලා මේ ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඒක තමයි සිද්ධවෙන්නේ. මම කියන්නේ මේක දේශපාලනයට හරවා ගන්නේ නැතිව ඉන්න කියලා. ඇති වෙන්න තෙල් තියනවා. තෙල්වල අඩුපාඩුවක් නොමැති බව විෂයභාර ඇමතිතුමත් ප්‍රකාශ කෙරුවා. ඒක නිසා අපි පැහැදිලිව කියනවා ජනතාවට ඉතාමත්ම ගෞරවයෙන්, හදිස්සි වෙලා කලබල වෙලා ගිහිල්ලා අනවශ්‍ය පරිදි තෙල් ගබඩා කරගන්න අවශ්‍ය නැහැ. මීට ඉස්සෙල්ලත් මෙහෙම ප්‍රශ්න ඇති වුණා. මෙහෙම ප්‍රශ්න ඇති කෙරුවා. අපි පැහැදිලිව කියනවා ජනතාවට කලබල වෙන්න එපා, ඇතිවෙන්න තෙල් තියෙනවා කියලා. තෙල් හිඟයකින් තොරව තෙල් සපයනවා මේ රජය”

Related posts

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Maimoonar

දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්

Maimoonar

තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්

Maimoonar

118 comments

Comments are closed.