BusinessBusiness NewsNewsPolitical

අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේම පාහේ මිල ඉහළ ගොස් ඇති බවත් ඉදිරි වසරේදී මෙම තත්ත්වය මීටත් වඩා අසීරු වනු ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

අගුණුකොල පැලැස්සේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි ඒ මහතා මෙසේ කියා සිටියේය.

“රජයට මූල්‍යමය ගැටළුවකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. අපට අද අපි ගත් ණයවල වාරිකයයි පොළියයි ගෙවාගන්න නැවත ණය ගන්න වෙලා තියෙනවා. ඒ තරමට අපේ රට අද ආපස්සට ගිහිල්ලා තියෙනවා.

අත්‍යවශ්‍ය දේවල් සියල්ලම මිල වැඩිවෙලා, ඒක අපි දන්නවා. මේකට දැන් මුහුණ දෙන්න වෙනවා. මේක හෙට අනිද්දා ඉවර වෙනවා කියලා අපට කියන්න බෑ. මම නම් හොඳටම දකින දේ තමයි ලබන අවුරුද්දේ මීට වඩා අමාරු වෙන්න ඉඩ තියෙනවා.

ආණ්ඩුවට බනින බව අපි දන්නවා. නමුත් කරන්න දේකුත් නෑ මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා

දැන් ගෙවල් හදන එක හීනයක් බවට පත්වෙමින් යනවා. සෑම බඩුවකම මිල වැඩි වෙලා. ආහාරත් ආකාරයෙන්ම මිල වැඩි වෙලා. දිගටම අපිට මේක මුහුණ දෙන්න වෙනවා. ලබන අවුරුද්ද වෙනකොට ආහාර හිගයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක ආහාර සංවිධානයක් කියා තිබෙනවා”

Related posts

ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…

Maimoonar

ස්ටාලින් රිමාන්ඩ්…

Maimoonar

උතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…

Maimoonar

3 comments

Comments are closed.